දුම්රියේ ගමන් ගත් දැරියක් අතසේදීමට යාමේදී ඇඳවැටෙයි..සිදුවූ බිහිසුණු අනතුර මෙන්න..

Sri Lanka Railways Accident Department of Railways
By Aruna Apr 11, 2024 04:57 PM GMT
Report

කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ දුම්රියේ ගමන් ගත් දොලොස් හැවිරිදි දැරියක එහි ජනේලයකින් එළියට අත දමා සේදීමට යාමේ දි දුම්රියෙන් වැටී තිබෙන පුවතක් වාර්තා වනවා.

බරපතල තුවාල ලබා ඇති දැරිය වැලිකන්ද රෝහලට ඇතුළත් කර ඇති බවයි පැවසෙන්නේ.

පොලිසිය සඳහන් කරන්නේ, දුම්රිය මැදිරිය තුළ ආහාර ගෙන පසුව ජනේලයෙන් අත පිටට දමා සේදීමට යෑමේදී ඇය දුම්රියෙන් ඇද වැටී ඇති බවයි.

දැරියගේ හිසට දැඩි ලෙස තුවාල සිදුවීම නිසා ඇය වැලිකන්ද ප්‍රාදේශීය රෝහලෙන් පොළොන්නරුව රෝහලට මාරුකර යැවීමට කටයුතු කර ඇති බවයි රෝහල් ප්‍රකාශකයෙක් කියා සිටියේ.

පරීක්ෂණ පවත්වන වැලිකන්ද පොලිසිය සඳහන් කරන්නේ, කටුපත කැකුණුගොල්ලේ ඥාති නිවසකට ගොස් ආපසු මඩකලපුව බලා යමින් සිටියදී මෙම දැරිය අනතුරට මුහුණපා ඇති බවයි.

වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක මහතා ඇතුළු පොලිස් නිලධාරි කණ්ඩායමක් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.