උඩරට මැණිකෙන් වැටුණ සංචාරකයා අවසන් ගමන් යයි.
කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ ගමන් ගත් ඊජිප්තු ජාතික සංචාරකයෙකු පට්ටිපොල දුම්රිය ස්ථානය ආසන්නයේදි දුම්රියෙන් වැටි බරපතල ලෙස තුවාල ලබා රෝහල් ගත කිරිමෙන් අනතුරුව මියගොස් ඇති බව පට්ටපොල පොලිසියේ නිලධාරියෙකු ප්‍රකාශ කළා.
මෙසේ මියගොස් ඇත්තේ අහමඩ් මොහොමඩ් අබ්දුල් හමිඩ් (32) හැවිරිදි සංචාරකයෙක්.
මෙම ඊජිප්තු ජාතික සංචාරකයා මිට සතියකට ප්‍රථම දිවයිනේ සංචාරයක් සදහා පැමිණ ඇල්ල දුම්රිය ස්ථානය දක්වා උඩරට මැණිකේ දුම්රියේ ගමන් කරමින් සිටියදි ඊයේ (16) පට්ටිපොල දුම්රිය ස්ථානය අසලදි පාපුවරුවෙන් වැටි බරපතල ලෙස තුවාල ලබා නුවරඑලිය මහ රෝහලට ඇතුළත් කර තිබේ.
පසු ඔහුගේ තත්ත්වය බරපතල නිසා විදේශිකයා සමග පැමිණි ඔහුගේ මිතුරන් ඔහු කොළඹ පෞද්ගලික රෝහලකට ප්‍රතිකාර ලබාදිම සදහා රැගෙන ගොස් ඇතැයි පොලීසිය කියයි.
පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි ඊජිප්තු ජාතිකයා මියගොස් ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන පට්ටිපොල පොලිසිය පැවසිය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |