වැරදි කරන රියදුරන්ගේ දඩ පත්‍රිකාව නිවසටම - අලුතින්ම කරන්න යන වැඩේ

police drivers traffic rules fine Ministry of security
By Sewvandhi Mar 06, 2022 09:11 AM GMT
Report

පොලිස් සමීප රූප ආවේක්ෂණ කොට්ඨාසය මඟින් රථ වාහන වැරදි සම්බන්ධයෙන් නිවසටම දඩ පත්‍රිකාවක් යැවීමේ ක්‍රියාදාමය කඩිනමින් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ, මොටර් රථ දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුව එක්ව අදාළ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිත බවය.

කොළඹ නගරය ආවරණය වන පරිදි මංසන්ධි 33ක සමීප රූප ආවේක්ෂණ කොට්ඨාසය මඟින් නිරීක්ෂණය කිරීම සිදුකරනු ලබයි.

ජනතාව සහ දේපළවල ආරක්ෂාව ප්‍රධාන තේමාව කරගත් මෙම කොට්ඨාසය මඟින් අපරාධයක් සිදුවීමට ඇති හැකියාව නැති කිරීම, අපරාධයක් නිරික්ෂණය කර පියවර ගැනීම, අපරාධයක විමර්ශන කටයුතු සඳහා සහභාගි වීම වැනි කටයුතු එම ඒකකය මඟින් සිදුකරනු ලබන අතර රථ වාහන වැරදි නිරීක්ෂණය කිරීම ද මෙමඟින් සිදුකෙරේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now