හැමවෙලේම busy වුණාම සාර්ථක වෙන්න පුළුවන් කියලා හිතනවද?
නිකන්ම ඉඳගෙන සාර්ථකත්වය ලබා ගන්න බැහැ . ඒකට වෙහෙස මහන්සි වෙන්න අවශ්‍යයි. සමහරු නම් කන්නේ බොන්නේ නැතුව, නින්දක් නැතුව, කිසිම නිදහසක් නැතිව වැඩ කරනවා. ඉතින් එහෙම දියුණු වෙන්න පුළුවන්ද?
ඕනවට මහන්සි වෙලා වැඩ කළොත් ලැබෙන අහිතකර ප්‍රතිවිපාක
? රැකියාවේදී ඵලදායිතාවය ගැන පමණට වඩා කරදර වෙන අයගේ සතුට ජීවිතයෙන් පලා යන අතර මානසික ආතතිය වර්ධනය වෙනවා. හම්බ කරන්න විතරක් ඇබ්බැහිව වුණාම ඵලදායිතාවය සහ සාර්ථකත්වයේ හැඟීම් එක්ක විතරයි ජීවත් වෙන්නේ. තමන්ගේ සතුට පවුලේ සතුට ගැන නොහිතන ආත්මාර්ථකමි මිනිසුන් බිහි වෙනවා.
? යම් අරමුණක් ඉටු කරගත් විට ශරීරය සතුටු හෝමෝනය වන ඩොපමයින් හෝමෝනය නිකුත් කරනවා. එමඟින් ඔබට සතුටක් ලැබෙන අතර සාර්ථකත්වය ගැන සෑහෙන්නේ නැතිව තණ්හාවෙන් තව තවත් අරමුණු වෙනුවෙන් විතරක් වෙහෙසෙනවා නම් සිරුරේ ආතති හෝමෝනය වන ඇඩ්රිනලින් මට්ටම ඉහළ යනවා.
? දිගු කාලයක් වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් සිරුරේ සහ මනසේ ශක්තිය හීන වෙලා යනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස දැඩි මානසික ආතතියක් ඇති වන අතර එමඟින් පසුකාලීනව මානසික අවපීඩනය, සාංකාව, හෘද රෝග, පිළිකා, දෙවන වර්ගයේ දියවැඩියාව වැනි රෝග රැසක් ඇති විය හැකියි.
? මානසික ආතතිය නිසා සමහරු මත්ද්‍රව්‍ය වලට පවා ඇබ්බැහි වෙනවා.
? ඒ වගේම මේ තත්වය ආරම්භයේදී විවේකයක් ගැනීමට කැමැත්තක් ඇති නොවීම, මිතුරු හමු මඟ හැරීම, රූපලාවණ්‍ය ගැන සිතීමට කාලය වෙන් නොකිරීම, ස්නානය සහ නින්ද වැනි යහ පුරුදු මඟ හැරීම වැනි ලක්ෂණ මතු වෙනවා.
? මෙවැනි අයට සාර්ථකත්වය දිනා ගත්තත් අර්ථ විරහිත හැඟීම් තමයි ඇති වෙන්නේ. එයට හේතු වන්නේ ලැබෙන දේ ප්‍රමාණවත් නොවන බව සිතීම .සතුට පහසුවෙන් මඟ හැරී යනවා. ඒ නිසා ආදරණියන්, පවුලේ අය පවා මඟ හැරෙනවා.
? අන් අය විනෝද වන අයුරු දැකීමෙන් තරහ යනවා. සමහරු ඉන්නවා අඩුම තමන් යටතේ වැඩ කරන සේවකයින් පවා නිවාඩුවකට එළියට යනවා නම් හෝ විනෝද ගමනක් යනවා නම් හෝ ඊට බැරියර් දානවා. නිවාඩු දීම ප්‍රතික්ෂේප කරනවා. ඔවුන්ගේ පෞද්ගලිකත්වය පවා ඔවුන්ට අහිමි කරනවා. එවැනි පුද්ගලයන් අන්තගාමී සිතුවිලි නිසා විනෝද වන පුද්ගලයන් කාලය නාස්ති කරන්නන් ලෙස තමයි දකින්නේ.
? ඒ කොහොම වුණත්, නොනවත්වා බුද්ධිමත්, පොහොසත් අයෙකු වීම පිලිබඳව සිහින දකින අතර අවසානයේ ආත්ම අභිමානයත් බිඳ වැටිලා තමයි නතර වෙන්නේ.
? ඔබත් එහෙම ඇබ්බැහියකට පුරුදු වී ගෙන එනවා නම්, වැඩි දුර යන්න නොදී නවත්වා ගන්න. සතියකට සැරයක්වත් travel කරන්න, සබඳතා වර්ධනය කර ගැනීම, භාවනා කිරීම, ව්‍යායාම සඳහා කාලය වෙන් කිරීම, hobby එක වැනි දේ පුරුදු කරගන්න.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |