අගෝස්තුවේ සංචාරක පැමිණීම් 3.3%කින් පහළට

Sri Lanka Tourism Economy of Sri Lanka Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Sep 02, 2026 05:28 AM GMT
Report

2026 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාවේ සුළු පහළ යාමක් වාර්තා වී තිබේ.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්ත අනුව, අගෝස්තු මාසයේදී මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 191,704කි. එය පසුගිය වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව 3.3%ක අඩුවීමක් බව එම දත්ත පෙන්වා දෙයි.

අගෝස්තු මාසයේදී වැඩිම සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. එම සංඛ්‍යාව 47,253ක් ලෙස වාර්තා වේ.

එමෙන්ම, එක්සත් රාජධානියෙන් සංචාරකයින් 19,588ක්, චීනයෙන් 12,321ක් සහ ජර්මනියෙන් 11,405ක් අගෝස්තු මාසයේදී මෙරටට පැමිණ තිබේ.

මේ අතර, 2026 ජනවාරි 01 වැනිදා සිට අගෝස්තු 31 වැනිදා දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 1,535,122ක් ලෙස වාර්තා වේ.