සංචාරකයින්ට යතුරුපැදි ධාවනය තහනම්..

Tourism
By Sewvandhi Mar 13, 2023 03:39 PM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

ඉන්දුනීසියාවේ බාලි වෙත පැමිණෙන විදෙස් සංචාරකයින්ට යතුරුපැදි ධාවනය කිරීම තහනම් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සංචාරකයින් විසින් යතුරුපැදි පැදවීමේ දී නියමිත නීති රෙගුලාසිවලට අනුගත නොවීමෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වයන් සැළකිල්ලට ගනිමින් එම තීරණය ගෙන ඇති බවයි.

විදෙස් සංචාරකයින් බීමත්ව යතුරුපැදි ධාවනය කිරීම හේතුවෙන් පසුගිය දින කිහිපය තුළම සිදු වූ අනතුරුවලින් පුද්ගලයින් මරණයට පත් වීම මෙන්ම තුවාල සිදුවීම් ද වාර්තා වී ඇති බව සඳහන්.

ඒ අනුව බාලි හි සංචාරය වෙත පැමිණෙන විදෙස් සංචාරකයින්ට යතුරුපැදි ධාවනය තහනම් වන අතර ඊට අනුගත නොවන පිරිස් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි ඉන්දුනීසියානු බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now