හෙට දිනය ගැන විශේෂ දැනුම්දීමක්..!

Climate Change TN Weather Weather Latest Headlines
By Sewvandhi Mar 17, 2024 01:51 PM GMT
Report

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය හෙට (18) දිනයේදී අවධානය යොමුකළ යුතු මට්ටමක් දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බවයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, වයඹ, උතුරු මැද, නැගෙනහිර, බස්නාහිර පළාත් සහ මොණරාගල, මන්නාරම, රත්නපුර සහ වවුනියා දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතිනු ඇති බවය.

ඒ අනුව ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම, එළිමහනේ වෙහෙසකාරී කටයුතු සීමා කිරීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළ යුතු බව එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.