විශේෂ භාණ්ඩ බද්ධක් මාස 04කට දීර්ඝ කරයි..

Central Bank of Sri Lanka Sri Lanka Politician Sri Lanka Government Economy of Sri Lanka Income Tax Department
By Aruna Sep 10, 2023 02:39 AM GMT
Report

ආනයනික අර්තාපල් සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද තවත් මාස 04ක කාලයක් සඳහා දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව, සැප්තැම්බර් මස 08 වැනි දින සිට ඉදිරි මාස 04ක කාලයට ද ආනයනික අර්තාපල් සඳහා වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

ආනයනික අර්තාපල් සඳහා මේ වසරේ මාර්තු මස 08 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑම් 01ක් සඳහා රුපියල් 50ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පැනවීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබුණා.

අදාළ බදු පැනවීම මාස 06ක කාලයක් සඳහා සිදු කර තිබූ අතර, එය තවත් මාස 04ක කාලයක් සඳහා දීර්ඝ කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව වාර්තා වේ.

මීට පෙර ආනයනික අර්තාපල් කිලෝග්‍රෑම් එකක් සඳහා පැවතියේ, රුපියල් 20ක විශේෂ භාණ්ඩ බද්දක් වන අතර, එය මාර්තු මාසයේ සිට ඉහළ දැමීමට රජය පියවර ගනු ලැබුවා.