Toilet Papers නිසා ඇතිවිය හැකි අහිතකර තත්වයන්.

By Wayomi Jun 05, 2022 11:21 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

Toilet Papers ගොඩක් bathrooms වල භාවිතයට ගැනෙනවා. ලංකවේ නම් ගොඩක් වෙලාවට භාවිතා කරන්නේwashroom ගිහින් ඇවිත් අත පිහදාන්න. හැබැයි කවුරු කොහොම මොන විදිහට මේ Toilet Papers පාවිච්චි කළත්, මේවා අපේ සෞඛ්‍ය තත්වයට විවිධ බලපෑම් එල්ල කරන්න පුළුවන්.

Toilet Papers වලින් අපට වන බලපෑම

?  Toilet Papers ශක්තිමත් සහ මෘදු කිරීම සඳහා ෆෝමල්ඩිහයිඩ් නම් භයානක රසායනය බොහෝ විට භාවිතා කරනවා. ඒවා නිසා සිරුරේ ඇති සංවේදී ස්ථාන වල රතු වීම්, කැසීම් වැනි ආසාදන තත්වයන් මතු වෙන්න පුළුවන්. Toilet Papers වලින් විතරක් නෙවෙයි. මුහුණ පිහදාන්න, සහ අනෙක් tissues පාවිච්චි කරද්දීත් විවිධ ගැටළු ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඇස් වගේ සංවේදී තැන පරිස්සම් කරගන්න.


ඒත් Toilet Papers වල ඒ අඩංගු ද්‍රව්‍ය නම් සඳහන් කරන්නේ නැහැ.  


? සුවඳ කැවූ ටොයිලට් පේපර්ස් ඔබගේ bathrooms වල තියෙන්න පුළුවන්. හැබැයි එම සුවඳ විලවුන් අසාත්මිකතාවන්ට හේතු වන බව ඔබ නොදන්නවා වෙන්න පුළුවන්. එමඟින් ඔබේ රහස් පෙදෙස් වල අසාදන ඇති කරවන අතර එම පෙදෙසේ ph අගය ද වෙනස්වීමකට ලක්විය හැකියි.

? ගොඩක් දෙනෙක් හිතන්න පුළුවන් ප්‍රතිචක්‍රීකරණය කරන ලද Toilet Papers පරිසර හිතකාමී කියලා. ඒත් එහි BPA අඩංගු වෙනවා. BPA රසායනිකය ඊස්ට්‍රජන් හෝමෝනයට තරමක් දුරට සමානයි. එය ඊස්ට්‍රජන් හෝමෝනය අනුකරණය කරමින් ගර්භාෂයේ ක්‍රියාකාරිත්වයට බලපෑම් එල්ල කරනවා. දරු ඵල අඩු වීමට ද හේතු වෙනවා.

? නිරන්තරයෙන්ම ඔබ Toilet Papers පාවිච්චි කරන නිසා රහස් පෙදෙසේ කැසීම්, රතු වීම් සහ කුඩා තුවාල, දද, කුෂ්ඨ ඇති විය හැකියි. ඒ වගේම බැක්ටීරියා ආසාදන ඇතිවීම, අර්ශස් තත්වයක් හට ගැනීමේ අවදානමක් ද පවතිනවා.   


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ

JOIN NOW