Office එකේ වැසිකිලිය පාවිච්චි කරද්දී ඔබ සතු විය යුතු මැනස්.

Sri Lanka
By Wayomi Jun 19, 2022 08:59 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

Washroom එක එහෙමත් නැත්නම් වැසිකිලිය කියන්නේ ගොඩක් අයගේ මැනස් නැති වෙන තැනක්. නිවසේදී වගේ නෙවෙයි කාර්යාලයක හෝ වෙනත් පොදු ස්ථානයක වැසිකිලිය භාවිත කිරීමේදී පිළිපැදිය යුතු වගේම පුරුදු කරගත යුතු සම්මතයන් කිහිපයක් තියෙනවා. ඒ දේවල් ඔබේ ජීවිතයට හුරු කරගැනීමයි මෙහෙදී වැදගත් වෙන්නේ.

? සෑම විටම අත් සෝදාගන්න අමතක කරන්න එපා. ගිහින් ටැප් එකක් අල්ලලා ආවත් සබන් දාලා අත් සෝදාගන්න. මොකද hand shower. tap එක වගේ උපාංග හැමෝම වගේ අල්ලනවා. ඒවායෙන් දිලීර, බැක්ටීරියා හා නොයෙකුත් විෂබීජ සම්ප්‍රේෂණය වීමේ අවදානම වැඩියි. ඒ නිසා ඔබේ මෙන්ම ඔබ ඇසුරු කරන අන් අයගේ ද සනීපාරක්ෂාව උදෙසා අත් සේදීම ඔබ විසින් කළ යුතුමයි.

? කෙනෙක් මුත්‍රා කරමින් සිටින වෙලාව කතා බහ කිරීමට සුදුසු වේලාවක් නොවෙයි. ඒ නිසා කතා බහ ආරම්භ කිරීමට පෙර ඔවුන් ඔවුන්ගේ කාර්යය අවසන් කරන තෙක් සිටින්න. - Toilet papers නිම වී ඇත්නම් ඒ පිළිබඳව අදාළ අංශ දැනුවත් කරන්න.

? නිවසේදී වගේ නියපොතු කැපීම, පොත් පත්තර වැසිකිලිය තුලට රැගෙන යාම, ඉතා දිගු වේලාවක් රැඳී සිටීම ආදිය කරන්න එපා. මොකද එය පෞද්ගලික වැසිකිලිය නොවෙයි.

?ඒ වගේම wash room එක ඇතුලට phone එක අරන් යන්න එපා. බිලියන ගගනන් වූ විෂබීජ phone එක තැවරෙන්න පුළුවන්. ඒ වගේම එමඟින් සිදු වන්නේ වැඩිපුර කාලයක් washroom එක ඇතුලේ, එහෙමත් නැත්නම් වැසිකිලිය තුළ ගත කිරීම. කරන වැඩේ කරගෙන ඇවිල්ලා call ගන්න හෝ කරගන්න දෙයක් කරගන්න

? විශේෂම දේ තමයි භාවිතා කළ පසු වැසිකිළිය පිරිසිදුව තබන්න.සෑම තැනම ජලය නොඉස, හොඳින් flush කර වැසිකිළිය පිරිසිදුව, වියළිව තබා යාම ඔබේ යුතුකමක්. සමහර office වල ඉන්නවා මුත්‍රා කළාම හරියට flush නොකර යන අය.එක්කෝ ඔවුන් ඉන්නේ අසිහියෙන්. ඒ නිසා වැසිකිලියේ කරන කටයුතු සිහි නුවණින් කරන්නත් අමතක කරන්න එපා.   


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW