වැසිකිලි සිහිනය හීනයක් කරමින් ආනයනයට අදාලව රජය ගත් තීරණය මෙන්න..ජනතාව තවත් අසරණ කරයි..

Sri Lanka Businessman
By Aruna Oct 25, 2022 11:44 PM GMT
Report

වැසිකිලි පෝච්චි ආනයනය සඳහා තාවකාලික තහනමක් පැනවීමට 1969 අංක 01 දරණ ආනයන හා අපනයන පාලන පනත යටතේ නිකුත් කෙරුණු ගැසට් පත්‍රයක් සඳහා අනුමැතිය ලබාදීම කල්දැමීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා.

ඒ, ගැසට් පත්‍ර 05 ක් එම කාරක සභාව හමුවේ සලකා බැලුනු අවස්ථාවේදීයි.

වැසිකිලි පෝච්චි ආනයනය සඳහා තාවකාලික තහනමක් පැනවීමට නිකුත් කර තිබූ ගැසට් පත්‍රය එහිදී විශේෂ සාකච්ඡාවකට ලක්ව තිබෙනවා.

කර්මාන්ත අමාත්‍යංශය විසින් නිර්දේශිත පරිදි දේශීය නිෂ්පාදන සඳහා වෙළඳපල පුලුල් කිරීමේ අරමුණින් එම තීරණය ගත් බවයි නිලධාරීන් එහිදී පෙන්වා දී ඇත්තේ.

එහෙත් මෙම භාණ්ඩ ආනයනය සඳහා වැයවී ඇති විදේශ විනිමය සාපේක්ෂව අඩු අගයක පවතින බැවින් සහ වෙළඳපලේ එම භාණ්ඩ හිගකම මෙන්ම මිල ඉහළ මට්ටමක පැවතීම සාමාන්‍ය ජනතාවට දරාගත නොහැකි බැවින් ආනයනය පාලනය සුදුසු නොවන බව කාරක සභාවේදී සාකච්ඡා වී තිබෙනවා.

ඒ අනුව ඒ පිළිබඳ ඉදිරි රැස්වීමකදී තවදුරටත් සාකච්ඡා කිරීමටයි රජයේ මුදල් පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත්තේ.

කාරක සභාව හමුවේ සාකච්ඡාවට ගැනුණු සෙසු ගැසට් පත්‍ර 04 සඳහා එහිදී අනුමැතිය හිමිවී තිබෙනවා.

එකතු කළ අගය මත බද්ද සියයට 12 දක්වා වැඩි කිරීමට අදාළ ගැසට් පත්‍රය, රා ලීටරයක් වෙනුවෙන් රුපියල් 50 ක බද්දක් අය කිරීමට අදාළව නිකුත් කළ ගැසට් පත්‍රය, රත්මලාන ගුවන් තොටුපලේ සිට පිටත්ව යන සෑම තැනැත්තෙකුගෙන්ම අය කරන ගාස්තුව අමෙරිකානු ඩොලර් 30 ක් දක්වා අඩු කිරීමට අදාළ ගැසට් පත්‍රය එහිදී අනුමැතිය හිමිවූ ගැසට් පත්‍ර කිහිපයක්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now