අලුත් අවුරුද්දෙම දිවයිනේ 02න් පස්සේ මොකද වෙන්නෙ දන්නව ද?.

Department of Meteorology Weather Latest Headlines
By krishani Jan 01, 2024 01:42 AM GMT
Report

අද (01) ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

අලුත් අවුරුද්දෙම දිවයිනේ 02න් පස්සේ මොකද වෙන්නෙ දන්නව ද?. | Today Weather In Sri Lanka 01St January 2024

ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

එමෙන්ම, උතුරු මැද පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි ය.

දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ එම නිවේදනයේ සඳහන් වේ.

තව ද බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 100ක තද වැසි ඇතිවිය හැකිය.

අලුත් අවුරුද්දෙම දිවයිනේ 02න් පස්සේ මොකද වෙන්නෙ දන්නව ද?. | Today Weather In Sri Lanka 01St January 2024

උතුරු, වයඹ සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-35) තරමක තද සුළං ඇතිවිය හැකි බව සඳහන් වේ.

එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

කෙසේ වෙතත්, ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.