දෑසට කඳුලක් එක් කරමින්, ලංකාවම නොඉවසිල්ලෙන් බලා සිටි අද මැච් එකෙත් බලාපොරොත්තු සුන් වෙයි.. (PHOTOS)

Cricket Sri Lanka Cricket Sri Lanka India Bangladesh Cricket Team
By krishani Nov 06, 2023 04:41 PM GMT
Report

අද (06) 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය පැවැත්විණ.

එහිදී ජය ගැනීමට බංග්ලාදේශය කණ්ඩායම සමත් විය.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49, පන්දු 3ක් තුළ සියලු දෙනා දැවී රැස් කර ගත්තේ ලකුණු 279 පමණයි.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක පන්දු 105ක් තුළ ලකුණු 108 වාර්තා කළ අතර ඔහුගේ දෙවැනි එක්දින ශතකය ලෙස මෙය වාර්තා පොතට එක් විය.

එම ලකුණු සංඛ්‍යාවට 4 පහර 6ක් සහ 6 පහර 5ක් ඇතුළත් වු අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කල බංගලාදේශ කණ්ඩායම පන්දුවාර 41 පන්දු 1 කදී කඩුලු 05 පමණක් දැවී තරගය ජය ගනු ලැබීය.

කෙසේ වෙතත්, බංගලාදේශ කණ්ඩායම වෙනුවෙන් Najmul Hossain Shanto පන්දු 101 කදී ලකුණු 90ක් ලබා ගත් අතර Shakib Al Hasan පන්දු 65 කදී ලකුණු 85 ලබා ගැනීමට සමත් විය.

GalleryGalleryGalleryGalleryGalleryGallery