ඔබටත් විදුලිය ආවද?. විදුලි බල සැපයුම යථා තත්ත්වයට පත් කළ නවතම ප්‍රදේශ ගැන විදුලි බල මණ්ඩලයෙන් දැනුම් දීමක්..
                                    
                    Power cut Sri Lanka
                
                                                
                    Ceylon Electricity Board
                
                                                
                    Power Cut Today
                
                                                
                    Latest Headlines
                
                                                
                    Decision Making
                
                        
        
            
                
                By Sithumi
            
            
                
                
            
        
    බදුල්ල, අවිස්සාවේල්ල, මතුගම, ගම්පහ, රත්මලාන සහ කිරිබත්ගොඩ ප්‍රදේශවල විදුලිය සම්පූර්ණයෙන්ම යථා තත්වයට පත් කර ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය දැනුම් දෙනවා.
අනෙකුත් ප්‍රදේශවලට ද මේ වන විට විදුලිය කඩිනමින් යථා තත්වයට පත් කරමින් සිටින බවයි විදුලි බල මණ්ඩලය දැනුම් දෙන්නේ.

මේ අතර බදුල්ල දිස්ත්‍රික්කයේ ද විදුලි බල සැපයුම යථා තත්වයට පත්ව ඇති බව වාර්තා වනවා.
මින් පෙර දකුණු පළාතේත් විදුලිය යථාතත්වයට පත් කර තිබෙන බව දැනුම් දුන් අතර කොළඹ ජාතික රෝහල අවට සහ ඒ අවට තදාසන්න ප්‍රදේශ කිහිපයකට ද විදුලිය යතා තත්වයට පත් කෙරුණා.
 
    
     
                 
                 
                                             
     
        
     
     
     
     
    