විදුලිය ලැබෙන්න තව කොච්චර වෙලා යයි ද? විදුලිය සම්බන්ධයෙන් නවතම ආරංචිය මෙන්න.

Power cut Sri Lanka Ceylon Electricity Board Power Cut Today Latest Headlines Decision Making
By Sithumi Dec 09, 2023 03:34 PM GMT
Report

මේ වන විට රට පුරා විදුලිය විසන්ධි වී තිබෙනවා.

විදුලිය ලැබෙන්න තව කොච්චර වෙලා යයි ද? විදුලිය සම්බන්ධයෙන් නවතම ආරංචිය මෙන්න. | Today Power Cut In Sri Lanka 9Th December 2023

ඒ සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ කොත්මලේ - බියගම ප්‍රධාන සම්ප්‍රේෂණ මාර්ගය අක්‍රිය වීම හේතුවෙන් දිවයින පුරා විදුලිය බිඳවැටීමක් සිදුව ඇති බවයි.

මේ සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය ඔවුන්ගේ පාරිභෝගිකයන්ට මීට සුළු වේලාවකට පෙර නිවේදනයක් නිකුත් කර තිබුණා.

රටම අඳුරු වෙලා ගිය වෙලාවක ජල සැපයුමට මොකද වුණේ?. ජල සැපයුම ගැනත් දැනුම්දීමක් මෙන්න. (UPDATE)

රටම අඳුරු වෙලා ගිය වෙලාවක ජල සැපයුමට මොකද වුණේ?. ජල සැපයුම ගැනත් දැනුම්දීමක් මෙන්න. (UPDATE)


ඒ අනුව පියවරෙන් පියවර ප්‍රතිසංස්කරණ කටයුතු සිදු වෙමින් පවතින අතර විදුලි සැපයුම සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කිරීමට පැය කිහිපයක් ගතවනු ඇති බව ඔවුන් පවසනවා.

රට පුරා එකවරම විදුලිය විසන්ධි වීමට හේතුව හෙළි වෙයි - නැවත යථා තත්ත්වයට පත් වීමට කුමක් වෙයි ද?.. රටම බලා සිටින දේ ගැන දැනුම්දීමක්.

රට පුරා එකවරම විදුලිය විසන්ධි වීමට හේතුව හෙළි වෙයි - නැවත යථා තත්ත්වයට පත් වීමට කුමක් වෙයි ද?.. රටම බලා සිටින දේ ගැන දැනුම්දීමක්.


පාරිභෝගිකයින්ට සිදු වූ අපහසුතාවය පිළිබඳව ලං.වි.ම කණගාටුව ප්‍රකාශ කරන අතර විදුලි සැපයුම සම්පුර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කරන තුරු අප සමඟ නොසැලී සිටින ලෙස කාරුණිකව ඉල්ලා සිටින බව ද ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත මහතා පැවසුවේ ය.