අද මධ්‍යම රාත්‍රී මුළු ලංකාවටම විශේෂ දෙයක් බලන්න අවස්ථාව ලැබෙයි..හරියටම වෙලාව මෙන්න..
අද (14) මධ්‍යම රාත්‍රීයේ දී උල්කාපාත වර්ෂාවක් නිරීක්ෂණය කළ හැකි බව ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටිනවා.
පයිතන් 3200 ග්‍රාහකයේ සුන්බුන් පෘථිවිය හරහා ගමන් කිරීමේ දී මෙය සිදු වන බවයි එම මධ්‍යස්ථානය සඳහන් කර ඇත්තේ.
ඒ අනුව එම මධ්‍යස්ථානය සඳහන් කළේ, පයිතන් 3200 ග්‍රාහකයේ සුන්බුන් පෘථිවි වායුගෝලයේ ගැටීමත් සමඟ මෙම උල්කාපාත වර්ෂාව නිරීක්ෂණය කළ හැකි බවයි.
ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාවේ උච්චතමය අවස්ථාව දැක බලා ගැනීමට ශ්‍රී ලංකාවාසීන්ට අද දින හැකියාව පවතී.
අද (14) දින රාත්‍රී 9.00 න් පසු උතුරු, නැගෙනහිර අහසේ එය නිරීක්ෂණය කිරීමට හැකියාව පවතින බවයි, ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ තාරකා විද්‍යාඥ ඉන්දික මැදගංගොඩ මහතා සඳහන් කළේ.
ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව වසරේ දර්ශනීයම උල්කාපාත වර්ෂාවලින් එකක් ලෙසයි සැලකෙන්නේ.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, පෘථිවිය පයිතන් ග්‍රහකයේ සුන්බුන් හරහා ගමන් කිරීමෙදී ග්‍රහක කොටස් වායුගෝලය සමග ගැටීම හේතුවෙන් ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව දැකගත හැකි බවයි.