"අද ඔබ ඉතාම ප්‍රවේශමෙන් කටයුතු කළ යුතුයි.. හේතුව මේකයි.." - ඔයාගේ ලග්නයටත් අද කොහොම බලපායි ද කියල බලලම දවස පටන් ගන්න.

Astrology Lagna Palapala Jothishya Lagna
By krishani Dec 06, 2023 11:05 PM GMT
Report

"අද ඔබ ඉතාම ප්‍රවේශමෙන් කටයුතු කළ යුතුයි.. හේතුව මේකයි.." - ඔයාගේ ලග්නයටත් අද කොහොම බලපායි ද කියල බලලම දවස පටන් ගන්න. | Today Lagna Palapala 7Th December 2023

මේෂ 🟢

තම මතය වෙනුවට අන්‍ය මතය ඉස්මතු වීමට ඉඩ හරින්න. අනවශ්‍ය වාද භේද, මත ගැටුම් මගින් රහසේ සතුරන් ඇතිවීමට ඉඩ ඇත. කෑමට ප්‍රිය වේ. මන්දාග්නිය ආහාර අරුචිය විය හැකිය. ඒ බැවින් පැණි රස, තෙල් බැදුම් ආශ්‍රිත ආහාර රුචි විය හැකිය. අජීර්ණය ඇතුළු ආමාශ ගත රෝගවලට ඉඩ ඇති බැවින් ඒවා කෑමෙන් වැළකීම සුදුසු ය.

වෘෂභ 🟢

ඉගෙනන ගන්නා අයගේ උනන්දුව වැඩිවීමට හේතු වෙයි. තරඟ විභාගාදියෙන් ජය ලැබිය හැකියි. ක්‍රීඩාවට ඇළුම් කරන අයට නිරෝගී සුවය හිමියි. උදරාබාධ සහ කල්පනිකාරී විය යුතුය.තීක්ෂණ බුද්ධිය සහ ශාන්ත නිවුනු ගති පැවතුම් ඇති වෙයි. ස්ත්‍රීන් කෙරේ වැඩි නැඹුරුවක් ඇති වෙයි.

මිථුන 🟢

ඔබට මවගේ සහ මව්පස නෑයින්ගේ සිත් දිනා ගනිමින් කටයුතු කිරිමට හැකියාව ලැබෙයි.ගේ දොර පරිසරය අලංකාරයව සහ සුවදායී ලෙස තබා ගැනීමෙන් සතුටට පත් වේ. ගමන් බිමන් යන්නේ නම් සුඛෝපභෝගී යාන වාහන සඳහා සිත යොමු වේ.ගෙදර දොර පරිසරය සහ වටාපිටාව සුවදායී වේ. සෞඛ්‍යය ක්ෂේත්‍රෙය් නියැලෙන්නන්ට සහ බෙහෙත් ද්‍රව්‍ය අලෙවි කරුවන්ගේ ආදායම් ඉහළ යයි.

කටක 🟢

දක්ෂතා ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වීමට සමත් වෙයි. යහපත් ඇසුර කාගෙත් හිත් දිනා ගනී. තම දැනුම සහ අදහස් මෙහෙයවා කරන රැකියා, ව්‍යාපාර හෝ වෙනත් කටයුතුවලින් ලැබීමේ වාසනාව ඇත.පීනස, පපුවේ සෙම් බහුල ගතිය ඇති වීමට ඩැඩි ඉඩක් ඇත.කරුණාවන්තකම සියල්ලන්ගේ හිත දිනා ගැනීමට සමත් වේ. බොහෝ ඇවිදිලි ඇති වේ.එය නිශ්ඵල නොවේ.

සිංහ 🟢 

අද ඔබට ඉතාම ශුභයි.කතාව ආකර්ශනීය වේ. හවුල් කරුවන්, ඇසුරු කරන්නන් සහ ආදරය අතර හොඳ හිත වර්ධනය කර ගනී. මුදල් අතින් අඩුපාඩුවක් ඇති නොවේ. ගෙදරට ඉතාම හිතවත්ය.සියල්ලන්ගේ හිත දිනා ගැනීමට සමත් වේ. ස්ත්‍රීන් කෙරේ වැඩි නැඹුරුවක් ඇති වෙයි.

කන්‍යා 🟢

අන් අයගේ සිත් දිනා ගනී. ඇසුරට උසස් මිතුරන් ලැබෙයි. ඔවුන්ගේ උදව් උපකාරද ලැබෙයි. උසස් සිතුවිලි ඇති වේ.ඒ අතර ලෞකික සැප සම්පත් ලැබීමට වාසනාව ඇත.අද ඔබ ප්‍රවේශම් සහගතව සහ ඉවසිලිවන්තව කටයුතු කරයි. දුර දිග සිතා බලා බයවෙන ගතියක් ඇති වේ.සෞඛ්‍යය ක්ෂේත්‍රෙය් නියැලෙන්නන්ට සහ බෙහෙත් ද්‍රව්‍ය අලෙවි කරුවන්ගේ ආදායම් ඉහළ යයි.

තුලා 🟢

අද ඔබට ශුභදායක නොවේ. සිත නිතර චංචල වේ. දුක් සහිත අත්දැකීම්වලට මුහුණපාන්නට සිදු වේ. වාද විවාද උත්සන්න විය හැකිය. නඩුහබවලට පැටලුනහොත්, ඒවායින් ජය ගැනීම අසිරු වේ. අනවශ්‍ය ගමන් බිමන් සහ අධික වියදම් යෙදිය හැකිය. එදිනෙදා අවශ්‍යතාවයන් සඳහා අතමිට හිඟ නොවේ.

වෘශ්චික 🟢

අද ඔබට ඉතාමත් ශුභය. ව්‍යාපාරවල නිරත වෙන්නන්ට අතමිට සරු වෙන දවසකි. සමාජයේ සැළකිලි සහ කීර්තිය ඉහළ යනු ඇත.විරුද්ධ ලිංගිකයන්ගෙන් ආදරය, කරුණාව මෙන්ම ආරක්ෂාවද ලැබේ.සමාජශීලී අයට මිතුරන්ගෙන් අඩුවක් ඇති නොවේ. ඔබේ ගති පැවතුම් ඒකාකාරී නොවී නිතර වෙනස් විය හැකිය.

ධනු 🟢

යහපත් ප්‍රථිඵල ලැබෙන දවසක්. සාමාන්‍යෙයන් හුරුපුරුදු ක්‍රියාවන්හි වෙනස් වීම්වලටද භාජනය වුවත් එය ඔබගේ දියුණුව පිණිසම වේ.දෙමව්පියන්ගේ, විවාහ සහකරුගේ, දරුවන්ගේ, හිත මිතුරන්ගේ මනා සහයෝගය ඔබට වස්තුව සහ සැප සම්පත් ලබා දේ. අද ඔබට හැමතින්ම වාසනාවන්ත දිනයක්ද වේ. සියල්ලන්ගේ හිත දිනා ගැනීමට සමත් වේ.

මකර 🟢

අද ඔබේ දියුණුවේ දොරගුලු විවර වේ. උසස් අධ්‍යාපනය හෝ විදෙස් අධ්‍යාපනය ලබන අයගේ කටයුතු සාර්ථක වෙයි.ඔබේ දක්ෂතා කෙරෙහි ආයතන ප්‍රධානීන්ගේ අවධානය යොමු වේ.ස්වයං රැකියා මෙන්ම තම දැනුමෙන් කරන රැකියාවන් ප්‍රචලිත වෙයි.නිරෝගී භාවය ඇති වේ.

කුම්භ 🟢

සිතේ ධෛර්යය ශක්තිය අඩුවිය හැකිය. ජීවිතය සම්බන්ධ අයහපත් කාරණාවන් යෙදිය හැකිය. ඒ බැවින් බොහෝ කල්පනාකාරී විය යුතුය. අනතුරුදායක කටයුතුවලින් සහමුලින්ම ඈත් විය යුතුය. තීක්ෂණ බුද්ධිය සහ ශාන්ත නිවුනු ගති පැවතුම් ඇති වෙයි. කරුණාවන්තකම සියල්ලන්ගේ හිත දිනා ගැනීමට සමත් වේ.

මීන 🟢

විවාහ අපේක්ෂකයන්ට අද ඉතාම ශුභයි. එහෙත් විවාහ වූ අය තම ස්වාමියා හෝ භාර්යාව කෙරෙහි එක ස්ථාවරයක නොසිටිය හැකියි.සියලු ලෞකික සැප සම්පත් ලැබිමට වාසනාව ඇත.ව්‍යාපාර කොටස් කරුවන් සමගද මත ගැටුම් හෝ වැඩි සබඳතා ඇති කර ගනී. තීක්ෂණ බුද්ධිය සහ ශාන්ත නිවුනු ගති පැවතුම් ඇති වේ. ස්ත්‍රීන් කෙරේ වැඩි නැඹුරුවක් ඇති වෙයි.

කිරි ගහට ඇන්නා වගේ හරියන, ප්‍රබල ග්‍රහ යෝගයක් - බලන්නකෝ මොකද වෙන්නේ කියලා අද..

කිරි ගහට ඇන්නා වගේ හරියන, ප්‍රබල ග්‍රහ යෝගයක් - බලන්නකෝ මොකද වෙන්නේ කියලා අද..