"ලග්න 09කට අද මල් 07යි.. හැබැයි අනිත් ලග්නවලට මෙහෙමයි.." - ඔයාගෙ ලග්නයටත් කොහොමද කියලා බලලම දවස පටන් ගන්න දැන්ම මෙතනින් පිවිසෙන්න.

Astrology Lagna Palapala Jothishya Lagna Latest Headlines
By krishani Dec 17, 2023 11:14 PM GMT
Report

"ලග්න 09කට අද මල් 07යි.. හැබැයි අනිත් ලග්නවලට මෙහෙමයි.." - ඔයාගෙ ලග්නයටත් කොහොමද කියලා බලලම දවස පටන් ගන්න දැන්ම මෙතනින් පිවිසෙන්න. | Today Lagna Palapala 18Th December 2023

මේෂ 🟢

අද ඔබට ඉතාමත් ශුභ දවසක්. ව්‍යාපාරවල නිරත වෙන්නන්ට අතමිට සරු වෙයි. සමාජයේ සැළකිලි සහ කීර්තිය ඉහළ යන අතර සමාජශීලී අයට මිතුරන්ගෙන් අඩුවක් ඇති නොවේ. තම විරුද්ධ ලිංගිකයන්ගෙන් ආදරය, කරුණාව මෙන්ම ආරක්ෂාවද ලැබෙන දවසක්. ගුණ යහපත්කමින් යුතු අනුකම්පා සහගත සිත් පහළ වේ.

වෘෂභ 🟢

යහපත් ප්‍රථිඵල ලැබෙන දවසක්. ඇවිදිමින් කරන රැකියාවන්වල නියුතු අයට බොහෝ ප්‍රතිපල ලැබෙයි. දෙමව්පියන්ගේ, විවාහ සහකරුගේ, දරුවන්ගේ, හිත මිතුරන්ගේ මනා සහයෝගය ලැබෙයි.එමෙන්ම ඔබට වස්තුව සහ සැප සම්පත් ලැබෙයි. හැමතින්ම වාසනාවන්ත දිනයක් වේ.

මිථුන 🟢

ඔබේ දියුණුවේ දොරගුලු විවර වේ.උසස් අධ්‍යාපනය හෝ විදෙස් අධ්‍යාපනය ලබන අයගේ කටයුතු සාර්ථක වෙයි. ස්වයං රැකියා මෙන්ම තම දැනුමෙන් කරන රැකියාවන් ප්‍රචලිත වෙයි. ඔබේ දක්ෂතා කෙරෙහි ආයතන ප්‍රධානීන්ගේ අවධානය යොමු වේ.එය ඔබේ මතු දියුණුවට පෑදේ. ඇසුරු කරන්නන්ගේ සිත් දිනා ගනිමින් කටයුතු කරයි. සමාජශීලී වේ.

කටක 🟢

අද ඔබට එතරම් යහපත් දිනයක් නොවේ. හිතේ ධෛර්යය ශක්තිය අඩුවිය හැකිය. ජීවිතය සම්බන්ධ අයහපත් කාරණාවන් යෙදිය හැකි බැවින් බොහෝ කල්පනාකාරී විය යුතුය. අනතුරුදායක කටයුතුවලින් සහමුලින්ම ඈත් විය යුතුය.ගුණ යහපත්කමින් යුතු අනුකම්පා සහගත සිත් පහළ වේ.

සිංහ 🟢

විවාහ අපේක්ෂකයන්ට ශුභ දවසක්.නමුත් විවාහ වූ අය තම ස්වාමියා හෝ භාර්යාව කෙරෙහි එක ස්ථාවරයක නොසිටිය හැකිය.සිතුවිලි චංචල වේ.සියලු ලෞකික සැප සම්පත් ලැබිමට වාසනාව ලැබේ.අනුකම්පා සහගත සිත් පහළ වේ. ඥාණවන්ත බව සහ ගවේශනශීලී බව දියුණු වේ.

කන්‍යා 🟢 

තම මතය වෙනුවට අන්‍යයන්ගේ මතය ඉස්මතු වීමට ඉඩ හරින්න.අජීර්ණය ඇතුළු ආමාශ ගත රෝගවලට ඉඩ ඇති විය හැකිය. කෑමෙන් පරිස්සම් විය යුතුය.ශරීර සෞඛ්‍ය හීන වන නිසා මානසික තෘප්තිය අඩු විය හැක. ගුණ යහපත්කමින් යුතු අනුකම්පා සහගත සිත් පහළ වේ. ඇසුරු කරන්නන්ගේ සිත් දිනා ගනිමින් කටයුතු කරයි.

තුලා 🟢

ඉගෙනන ගන්නා අයගේ උනන්දුව වැඩි වෙයි.තරඟ විභාගාදියෙන් ජය ලැබිය හැකිය. නිරෝගී සුවය ලැබෙයි.උදරාබාධ සහ කල්පනිකාරී විය යුතුය. ඔබට ගුණ යහපත්කමින් යුතු අනුකම්පා සහගත සිත් පහළ වේ. අලුත් දේ සොයා ගැනීමට උනන්දුව ඇති වේ.

වෘශ්චික 🟢

මවගේ සහ මව්පස නෑයින්ගේ සිත් දිනා ගනිමින් කටයුතු කරයි.ගේ දොර පරිසරය අලංකාරයව සහ සුවදායී ලෙස තබා ගනී.ඉන් සතුටට පත් වේ. අනුකම්පා සහගත සිත් පහළ වේ. අලුත් දේ සොයා ගැනීමට තරම් උනන්දුව ඇති වේ. ඇසුරු කරන්නන්ගේ සිත් දිනා ගනිමින් කටයුතු කරයි.

ධනු 🟢

දක්ෂතා ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වයි. යහපත් ඇසුර කාගෙත් හිත් දිනා ගනී. තම දැනුම සහ අදහස් මෙහෙයවා කරන රැකියා, ව්‍යාපාර හෝ වෙනත් කටයුතුවලින් වාසනාව ලැබෙයි.ගුණ යහපත්කමින් යුතු අනුකම්පා සහගත සිත් පහළ වේ. ඇසුරු කරන්නන්ගේ සිත් දිනා ගනි.සමාජශීලී වේ.

මකර 🟢

අද ඉතාම ශුභ දවසක්.ඔබේ කතාව ආකර්ශනීය වේ. හවුල් කරුවන්, ඇසුරු කරන්නන් සහ ආදරය අතර හොඳ හිත වර්ධනය කර ගනී. මුදල් අතින් අඩුපාඩුවක් ඇති නොවේ. ගෙදරට ඉතා හිතවත්ය.ඉතා සතුටින් කාලය ගෙවයි. ගුණ යහපත්කමින් යුතු අනුකම්පා සහගත සිත් පහළ වේ.

කුම්භ 🟢

අන් අයගේ සිත් දිනා ගනී. ඇසුරට උසස් මිතුරන් ලැබෙයි. උදව් උපකාරද ඔවුන්ගෙන් ලැබෙයි. උසස් සිතුවිලි ඇති වේ. අද ඔබ ප්‍රවේශම් සහගතව සහ ඉවසිලිවන්තව කටයුතු කරයි. යමක් සිදුවීමට පෙර දුර සිතා බලා බයවෙන ගතියක් ඇති වේ. අලුත් දේ සොයා ගැනීමට තරම් උනන්දුව ඇති වේ.සමාජශීලී වේ.

මීන 🟢

ඔබට අද ශුභදායක දවසක් නොවේ. සිත නිතර චංචල වේ. දුක් සහිත අත්දැකීම්වලට මුහුණපාන්නට සිදු වේ. වාද විවාද උත්සන්න විය හැකිය. නඩුහබවලට පැටලුනහොත්, ඒවායින් ජය ගැනීම අසිරු වේ.අනවශ්‍ය ගමන් බිමන් සහ අධික වියදම් යෙදිය හැකිය. අනුකම්පා සහගත සිත් පහළ වේ.

අද ඔබට අධික වියදම් සිදුවන දවසක්..මේ ලග්න වල අය කල්පනාවෙන් කටයුතු කරන්න..

අද ඔබට අධික වියදම් සිදුවන දවසක්..මේ ලග්න වල අය කල්පනාවෙන් කටයුතු කරන්න..