අද ඔබ කල්පනාකාරීම විය යුතුය - හේතුව මෙන්න මේකයි.. දවස පටන් ගන්න කලින් මේ ටිකත් දැනගෙනම ඉන්න..

Astrology Lagna Palapala Jothishya Lagna Latest Headlines
By krishani Jun 03, 2024 12:10 AM GMT
Report

🟢මේෂ

අද ඔබ අන් අයගේ සිත් දිනා ගෙන කටයුතු කරයි. ඔබට ඇසුරට උසස් මිතුරන් ලැබෙයි.එමෙන්ම ඔවුන්ගේ උදව් උපකාර ද ඔබට ලැබෙයි.උසස් සිතුවිලි ඇති වේ. ලෞකික සැප සම්පත් ලැබීමට වාසනාව ති‍බේ. ඔබ ප්‍රවේශම් සහගතව සහ ඉවසිලිවන්තව කටයුතු කරයි. යමක් සිදුවීමට පෙර දුර සිතා බලා බයවෙන ගතියක් ඇති වේ.

🟢වෘෂභ

අද ඔබට ශුභදායක දවසක් නොවේ. සිත නිතර චංචල වේ.එමෙන්ම දුක් සහිත අත්දැකීම්වලට මුහුණපාන්නට සිදු වේ. වාද විවාද උත්සන්න විය හැකිය. නඩුහබවලට පැටලුනහොත්, ඒවායින් ජය ගැනීම අසිරු වේ. අනවශ්‍ය ගමන් බිමන් සහ අධික වියදම් යෙදිය හැකිය.එදිනෙදා අවශ්‍යතාවයන් සඳහා අතමිට හිඟ නොවේ.

🟢මිථුන

ඔබට අද ඉතාමත් ශුභ දවසක් වේ.ව්‍යාපාරවල නිරත වෙන්නන්ට අතමිට සරු වේ.සමාජයේ සැළකිලි සහ කීර්තිය ඉහළ යයි.විරුද්ධ ලිංගිකයන්ගෙන් ආදරය, කරුණාව මෙන්ම ආරක්ෂාවද ලැබෙයි.සමාජශීලී අයට මිතුරන්ගෙන් අඩුවක් ඇති නොවේ.ඔබේ ගති පැවතුම් නිතර වෙනස් විය හැකිය.තම මතයට අනුව කටයුතු කිරීමට පෙළඹෙයි.

🟢කටක

කටක ලග්න හිමි ඔබට අද යහපත් ප්‍රථිඵල ලැබෙයි. ඇවිදිමින් කරන රැකියාවන්වල නියුතු අයට බොහෝ ප්‍රතිපල ලැබෙයි. දෙමව්පියන්ගේ, විවාහ සහකරුගේ, දරුවන්ගේ, හිත මිතුරන්ගේ සහයෝගය ලබෙයි.එමෙන්ම ඔබට වස්තුව සහ සැප සම්පත් ලැබෙයි.කෙසේ වෙතත් ඔබට අද හැමතින්ම වාසනාවන්ත දිනයක් වේ.

🟢සිංහ

ඔබේ දියුණුවේ දොරගුලු විවර වේ.උසස් අධ්‍යාපනය හෝ විදෙස් අධ්‍යාපනය ලබන අයගේ කටයුතු සාර්ථක වෙයි. ස්වයං රැකියා මෙන්ම තම දැනුමෙන් කරන රැකියාවන් ප්‍රචලිත වෙයි. ඔබේ දක්ෂතා කෙරෙහි ආයතන ප්‍රධානීන්ගේ අවධානය යොමු වීමෙන් ඔබේ මතු දියුණුවට පෑදේ.ලෞකික සහ ලෝකෝත්තර දෙයාකාරයෙන්ම ඔබේ දියුණුවට මග සැළසේ.

🟢කන්‍යා

කන්‍යා ලග්න හිමි ඔබට අද එතරම් යහපත් දවසක් නොවේ. එබැවින් අද දවසේ ඔබෙගේ හිතේ ධෛර්යය ශක්තිය අඩුවිය හැකිය. ජීවිතය සම්බන්ධ අයහපත් කාරණාවන් යෙදිය හැකි ය.ඒ හේතුවෙන් බොහෝ කල්පනාකාරී විය යුතුය. අනතුරුදායක කටයුතුවලින් සහමුලින්ම ඈත් විය යුතුය.ශරීර අභ්‍යන්තරය දුර්වල කරන රෝග ඇතිවීමට ද ඉඩ ඇත.

🟢තුලා

විවාහ අපේක්ෂකයන්ට අද ඉතාම ශුභයි. එහෙත් විවාහ වූ අය තම ස්වාමියා හෝ භාර්යාව කෙරෙහි එක ස්ථාවරයක නොසිටිය හැකිය. ව්‍යාපාර කොටස් කරුවන් සමග ද මත ගැටුම් ඇති විය හැකිය.ඔබගේ සිතුවිලි චංචල විම එයට හේතුව වේ. සියලු ලෞකික සැප සම්පත් ලැබිමට වාසනාව ලැබේ.

🟢වෘශ්චික

අන්‍යයන් ඇසුරු කිරීමේ දී තම මතය වෙනුවට අන්‍යයන්ගේ මතය ඉස්මතු වීමට ඉඩ හරින්න. අනවශ්‍ය වාද භේද, මත ගැටුම් මගින් රහසේ සතුරු කරන්නන් ඇතිවීමට ඉඩ ඇත. කෑමට ප්‍රිය වේ. මන්දාග්නිය ආහාර අරුචිය විය හැකිය.ඒ නිසා පැණි රස, තෙල් බැදුම් ආශ්‍රිත ආහාර රුචි විය හැකිය.අජීර්ණය ඇතුළු ආමාශ ගත රෝගවලට ඉඩ ඇත.ඒ හේතුවෙන් ඒවා කෑමෙන් වැළකීම සුදුසු වේ.

🟢ධනු

අද ඉගෙනන ගන්නා අයගේ උනන්දුව වැඩි වේ. තරඟ විභාගාදියෙන් ජය ලැබිය හැකිය. ක්‍රීඩාවට ඇළුම් කරන අයට නිරෝගී සුවය හිමියි. උදරාබාධ සහ කල්පනිකාරී විය යුතුය. තම මතයට අනුව කටයුතු කිරීමට පෙළඹෙයි. අන් අය අතර කැපී පෙනෙයි.

🟢මකර

මකර ලග්න හිමි ඔබට මවගේ සහ මව්පස නෑයින්ගේ සිත් දිනා ගනිමින් කටයුතු කිරිමට හැකියාව ලැබෙයි. ගේ දොර පරිසරය අලංකාරයව සහ සුවදායී ලෙස තබා ගනි.එයින් සතුටට පත් වේ. ගමන් බිමන් යන්නේ නම් සුඛෝපභෝගී යාන වාහන සඳහා සිත යොමු වේ. නිදහසට සහ සාධාරණයට ගරු කරයි.ඒ බැවින් අසාධාරණය දුටුවිට කේන්තිය එයි.

🟢කුම්භ

දක්ෂතා ක්‍රියාවෙන්ම ඔප්පු කරයි. දැනුම සහ අදහස් මෙහෙයවා කරන රැකියා, ව්‍යාපාර හෝ වෙනත් කටයුතුවලින් වාසනාව ලැබීමේ වාසනාව ඇත. පීනස, පපුවේ සෙම් බහුල ගතිය ඇති වේ.සාධාරණය වෙනුවෙන් සටන් කිරීමට පෙළඹේ. තම මතයට අනුව කටයුතු කිරීමට පෙළඹේ.

🟢මීන

මීන ලග්න හිමි ඔබට අද ඉතාම ශුභ දවසක් වේ. සිනහවෙන් පිරි මුහුණින් යුතු කතාව ඔබගේ ආකර්ශනීය වේ. හවුල් කරුවන්, ඇසුරු කරන්නන් සහ ආදරය අතර හොඳ හිත වර්ධනය කර ගනී. මුදල් අතින් අඩුපාඩුවක් ඇති නොවේ. ගෙදරට ඉතා හිතවත් වේ.එමෙන්ම පවුලේ අය සමග, විවාහ සහකාරාදිය සහ දරුවන් සමග ඉතා සතුටින් කාලය ගෙවයි.තම මතයට අනුව කටයුතු කිරීමට පෙළඹේ.