ලග්න කිහිපයකට අද සුබ නෑ - ඔයාගේ ලග්නය මොකක්ද කියලා දැන්ම බලලා ඉන්න..

Astrology Lagna Palapala Jothishya Lagna Latest Headlines
By krishani Mar 03, 2024 11:46 PM GMT
Report

ලග්න කිහිපයකට අද සුබ නෑ - ඔයාගේ ලග්නය මොකක්ද කියලා දැන්ම බලලා ඉන්න.. | Today Jothishya Lagna Palapala 4Th March 2024

🟢මේෂ

අද ඔබට එතරම් යහපත් නොවේ. අද ඔබගේ හිතේ ධෛර්යය ශක්තිය අඩුවිය හැකි ය. ජීවිතය සම්බන්ධ අයහපත් කාරණාවන් යෙදිය හැකි බැවින් බොහෝ කල්පනාකාරී විය යුතුය. අනතුරුදායක කටයුතුවලින් සහමුලින්ම ඈත්වීය යුතුය. ශරීර අභ්‍යන්තරය දුර්වල කරන රෝග ඇතිවීමට ද ඉඩ ඇත.

🟢වෘෂභ

අද දින විවාහ අපේක්ෂකයන්ට ශුභය. නමුත් විවාහ වූ අය තම ස්වාමියා හෝ භාර්යාව කෙරෙහි එක ස්ථාවරයක නොසිටිය හැකිය. ව්‍යාපාර කොටස් කරුවන් සමග ද මත ගැටුම් හෝ වැඩි සබඳතා ඇති කර ගනී. සියලු ලෞකික සැප සම්පත් ලැබිමට වාසනාව ඇත.

🟢මිථුන

අන්‍යයන් ඇසුරු කිරීමේදී තම මතය වෙනුවට අන්‍යයන්ගේ මතය ඉස්මතු වීමට අද ඉඩ හරින්න. අනවශ්‍ය වාද භේද, මත ගැටුම් මගින් රහසේ සතුරු කරන්නන් ඇතිවීමට ඉඩ ඇත.ශරීර සෞඛ්‍ය හීන වන නිසා මානසික තෘප්තිය අඩු විය හැක.කෑමට ප්‍රිය වේ. අජීර්ණය ඇතුළු ආමාශ ගත රෝගවලට ඉඩ ඇති බැවින් ඒවා කෑමෙන් වැළකීම සුදුසු ය.

🟢කටක

අද ඉගෙනන ගන්නා අයගේ උනන්දුව වැඩිවීමට හේතු වෙයි. තරඟ විභාගාදියෙන් ජය ලැබිය හැකිය. ක්‍රීඩාවට ඇළුම් කරන අයට නිරෝගී සුවය හිමියි. උදරාබාධ සහ කල්පනිකාරී විය යුතුය. ඔබ විවාහක අයෙක් නම්, යුගදිවියේ බාධා අවුල් ඇති කර ගනී.ඒ නිසා හොඳින් වටහා ගෙන ඉවසීමෙන්, සාමයෙන් සහ මනා සිහි නුවණින් යුතුව කටයුතු කළ යුතු ය.

🟢සිංහ

ඔබට මවගේ සහ මව්පස නෑයින්ගේ සිත් දිනා ගනිමින් කටයුතු කිරිමට හැකියාව ලැබෙයි. ගේ දොර පරිසරය අලංකාරයව සහ සුවදායී ලෙස තබා ගැනීමෙන් සතුටට පත් වේ. ගමන් බිමන් යන්නේනම් සුඛෝපභෝගී යාන වාහන සඳහා සිත යොමු වේ. ගෙදර දොර පරිසරය සහ වටාපිටාව සුවදායී එකක් වනු ඇත.

🟢කන්‍යා

අද ඔබේ දක්ෂතා ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වීමට සමත් වෙයි.තම දැනුම සහ අදහස් මෙහෙයවා කරන රැකියා, ව්‍යාපාර හෝ වෙනත් කටයුතුවලින් වාසනාව ලැබෙයි.තම පරපුර බබලවමින් කරන සහෝදර සහෝදරියන් හා යහපත් ඇසුර කාගෙත් හිත් දිනා ගනී.පීනස, පපුවේ සෙම් බහුල ගතිය ඇති වීමට ඩැඩි ඉඩක් ඇත.

🟢තුලා

අද ඔබට ඉතාම ශුභයි. කතාව ආකර්ශනීය වේ. හවුල් කරුවන්, ඇසුරු කරන්නන් සහ ආදරය අතර හොඳ හිත වර්ධනය කර ගනී.ගෙදරට ඉතා හිතවත්ය. පවුලේ අය සමග, විවාහ සහකාරාදිය සහ දරුවන් සමග ඉතා සතුටින් කාලය ගෙවයි.මුදල් අතින් අඩුපාඩුවක් ඇති නොවේ.

🟢වෘශ්චික

ඔබ අද අන් අයගේ සිත් දිනා ගනී. ඇසුරට උසස් මිතුරන් ලැබෙයි. ඔවුනගේ උදව් උපකාරද ලැබෙයි. ඔබට උසස් සිතුවිලි ඇති වන අතර ලෞකික සැප සම්පත් ලැබීමට වාසනාව ඇත. අද ඔබ ප්‍රවේශම් සහගතව සහ ඉවසිලිවන්තව කටයුතු කරයි. යමක් සිදුවීමට පෙර දුර සිතා බලා බයවෙන ගතියක් ඇති වේ.

🟢ධනු

අද ඔබට ශුභදායක නොවේ. සිත නිතර චංචල වේ.දුක් සහිත අත්දැකීම්වලට මුහුණපාන්නට සිදු වේ. වාද විවාද උත්සන්න විය හැකිය. අද නඩුහබවලට පැටලුනහොත්, ඒවායින් ජය ගැනීම අසිරු ය.අනවශ්‍ය ගමන් බිමන් සහ අධික වියදම් යෙදිය හැකිය.

🟢මකර

අද ඔබට ඉතාමත් ශුභ ය. ව්‍යාපාරවල නිරත වෙන්නන්ට අතමිට සරු වේ. සමාජයේ සැළකිලි සහ කීර්තිය ඉහළ යයි. සමාජශීලී අයට මිතුරන්ගෙන් අඩුවක් ඇති නොවේ. විශේෂයෙන්ම තම විරුද්ධ ලිංගිකයන්ගෙන් ආදරය, කරුණාව මෙන්ම ආරක්ෂාව ද ලැබේ. එහෙත් ඔබේ ගති පැවතුම් ඒකාකාරී නොවී නිතර වෙනස් විය හැකිය.

🟢කුම්භ

ඔබට යහපත් ප්‍රථිඵල ලැබෙයි. සාමාන්‍යෙයන් හුරුපුරුදු ක්‍රියාවන්හි වෙනස් වීම්වලට භාජනය වුව ද එය ඔබගේ දියුණුව පිණිසම වේ. ඇවිදිමින් කරන රැකියාවන්වල නියුතු අයට බොහෝ ප්‍රතිපල ලැබේ. දෙමව්පියන්ගේ, විවාහ සහකරුගේ, දරුවන්ගේ, හිත මිතුරන්ගේ මනා සහයෝගය ඔබට ලැබෙයි.එමෙන්ම හැමතින්ම වාසනාවන්ත දිනයක් ද වේ.

🟢මීන

අද ඔබේ දියුණුවේ දොරගුලු විවර වේ. උසස් අධ්‍යාපනය හෝ විදෙස් අධ්‍යාපනය ලබන අයගේ කටයුතු සාර්ථක වෙයි. ස්වයං රැකියා මෙන්ම තම දැනුමෙන් කරන රැකියාවන් ප්‍රචලිත වෙයි.ඔබේ දක්ෂතා කෙරෙහි ආයතන ප්‍රධානීන්ගේ අවධානය යොමු වේ.එය ඔබේ මතු දියුණුවට හේතු වෙයි.