ජාත්‍යන්තර සුනඛ දිනය අදයි - ඔයාටත් ඉන්නව ද ඔයා ළඟින්ම ඉන්න දඟ කරන බව් යාලුවෙක්.. එහෙනම් ඔයාට ගොඩක් වැදගත් වෙයි.. කියවලාම බලන්න.. (PHOTOS)

By krishani Aug 26, 2023 04:37 AM GMT
krishani

krishani

in රචනා
Report

ජාත්‍යන්තර සුනඛ දිනය අද(26) දිනට යෙදී තිබෙනවා.

සුනඛයන්ගේ වැදගත්කම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා සෑම වසරකම අගෝස්තු 26 වන දින ජාත්‍යන්තර සුනඛ දිනය සමරයි.

අන් කිසිදු සත්ව වර්ගයක් නොකරන අන්දමින් විවිධ භූමිකාවන් මිනිස් සමාජය වෙනුවෙන් සුනඛයන් විසින් ඉටු කරනු ලබන අනෙක විධ සේවාවන් අගය කිරීම සඳහා මෙම දිනය සමරනු ලබයි.

එනම් සියලුම සුනඛයන් පිළිබඳව අද දිනයේ දී අවධානය යොමු කර තිබෙනවා.

දැනට ලෝකයේ බිලියන 400ක් සුනඛයන් වර්ධනය වෙමින් පවතින බව වාර්තා වන අතර සුනඛයින්ට හතර ගුණයකින් මිනිසුන්ට වඩා දෘෂ්‍යමාන හැකියාව හා හතර ගුණයක් දුරින් ඇති ශබ්ද ඇසීමට හැකියාවක් ඇත.

ලෝකයේම ඉතාමත්ම කෘතහස්ත සුනඛයා ලෙස ඊජිප්තු ජාතික සලුක්කි ඉනා නම් සුනඛයා සඳහන් වේ.

ඉතිම් ජාත්‍යන්තර සුනඛ දිනය විශේෂ ක්‍රියාකාරකම් වලින් ඔවුන් එය සමරන බොහෝ ස්ථාන තිබෙනවා.

ජාත්‍යන්තර සුනඛ දින නිවාඩුව මෙම සුරතලා අපගේ ජීවිත තුළ කෙතරම් වැදගත් වී ඇත්දැයි අපට මතක් කර දෙයි.

වැඩි වැඩියෙන් බල්ලෙක් සිටින මිනිස්සු, එය පවුලේ කොටසක් කර ගනී.එපමණක් නොව, විද්‍යාත්මකව අපගේ සුරතලා සමඟ ඇති සම්බන්ධතාවය හා ඒ පිළිබඳව අපට හැඟෙන ආකාරය දෙමව්පියන් තම දරුවන් කෙරෙහි දක්වන හැඟීම හා සමාන කරයි.

ඒ නිසා ඔවුන්ටම දවසක් තිබීම සුදුසුයි.

අපේ සුරතල් සතුන් සඳහා වඩාත් හොඳ දේවල් මොනවද.ඔවුන්ගේ යහපැවැත්ම අරමුණු කරගත් උපාංග සහ නිෂ්පාදන මොනවද යන්න අප සොයා බැලිය යුතුය.   

මෑතක දී නෙදර්ලන්තය අයාලේ යන සුනඛයන් නොමැති පළමු රට බවට පත්විය.

අද ඔබට අවශ්‍ය නම් ජාත්‍යන්තර සුනඛ දිනය සමරන්න ඔබේ සුරතලා සමඟ අපි ඔබට අදහස් කිහිපයක් ලබා දෙන්නෙමු.

ඔවුන් සමඟ කාලය ගත කරන්න.ඔවුන් ඇසුරු කිරීම හා ආදරය කිරිම ඔවුන්ට දැනේ.ඇවිදීමට යාම ඔවුන් ආදරය කරන ක්‍රියාකාරකමකි, එබැවින් අද වෙනත් ස්ථානයකට යන්න.

ලොව සමාජ ආර්ථික වශයෙන් දියුණු රට වලට සාපේක්ෂව අප රටේ සිදුවන සුනඛයන් සම්බන්ධ කෲරත්වය හා ඔවුන් නොතකා හැරීම ආදිය මේ වන විටත් බරපතල ලෙසින් සිදුවෙමින් තිබේ.

ජාත්‍යන්තර සුනඛ දිනය මුල්කොට එවැනි ගැටළු පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සහ ඒවා වැළැක්වීමට පියවර යෝජනා කිරීම සිදු කෙරේ.

සුනඛයන්ගේ ජීවිතාරක්ෂාව සැපයීම, විපත්වලට ලක් වූ සුනඛයන් බේරා ගැනීම, නිවාස අහිමි සුනඛයින්ට නවාතැන් සැපයීම, සත්ව අයිතීන් ආරක්ෂා කිරීම, සුරතල් සතුන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටීම,හිංසනික නොවන අයුරින් සුනඛයන් හික්ම වීම ආදී කරුණු කරුණු සම්බන්ධයෙන් අද දිනයේ දී ජාත්‍යන්තරව විශේෂයෙන් සළකා බැලෙයි.

වේගවත් අයුරින් අස්ථාවර භාවයට පත් වන කෘතවේ දී බව මුල් කොට ගත් මිනිස් සදාචාරාත්මක අංග සුනඛයන් වෙතින් ප්‍රශස්ථ අයුරින් පිළිබිඹු වීම මත ජාත්‍යන්තර සුනඛ දිනය වසරින් වසර ප්‍රවර්ධනයට ලක් වන සැමරුම් දිනයක් වනු ඇතැයි ලොව පුරා සමාජ මානව විද්‍යාඥයෝ අනාවැකි පළ කරයි.

ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ  සුනඛයන් වෙත දක්වන කෘතවේදීත්වය මුල් කොට ද මිනිසුනට තමන්ගේ සදාචාර මට්ටම ඉහළ නංවා ගත හැකි බවයි.

- අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකී -

GalleryGalleryGalleryGalleryGalleryGallery