එංගලන්තය පැරද වූ ඉන්දියානුවන්ට විශිෂ්ට ජයක් - ඉන්දියාව පුරා සතුටු ඝෝෂා රැව් පිළිරැව් දෙයි.. මැච් එකේ සම්පූර්ණ විස්තරය මෙන්න. (PHOTOS)

Cricket India Indian Cricket Team England Cricket Team England
By krishani Oct 29, 2023 06:09 PM GMT
Report

අද (29) 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ එංගලන්තය අතර තරගය පැවතියේ ය.

එහිදී ලකුණු 100ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ඉන්දියාව සමත් විය.

ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දුන් අතර, නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 229ක් රැස් කළේ ය.

ඉන්දීය නායක රෝහිත් ශර්මා ලකුණු 87ක් රැස් කළ අතර, සූ‍ර්යකුමාර් යදාව් ලකුණු 49ක් රැස් කළේ ය.

ඩේවිඩ් විලී ලකුණු 45කට කඩුලු 03ක් දවා ගැනීමට සමත් වූ අතර පිළිතුරු ඉනිම ඇරඹූ එංගලන්ත කණ්ඩායමේ කිසිදු පිතිකරුවෙකුට සාර්ථක වීමට ඉන්දීය පන්දු යවන්නන් අවස්ථාව ලබා නොදුන්නේ ය. 

එමෙන්ම එංගලන්ත කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයකුට ලකුණු 30 සීමාව හෝ පසු කර යාමට නොහැකි විය.

කෙසේ වෙතත්, මොහොමඩ් ශැමී කඩුලු 04ක් සහ ජස්ප්‍රිට් බුම්‍රා කඩුලු 03ක් දවා ගත්තේ ය.

GalleryGalleryGalleryGalleryGallery