ශිෂ්‍යත්ව විභාගය අද

Department of Examinations Sri Lanka Grade 05 Scholarship examination Education Latest Headlines Sinhala news
By Shehan Aug 10, 2025 01:36 AM GMT
Report

2025 පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අද (10) දින දිවයින පුරා ආරම්භ වීමට නියමිතය.


මෙම විභාගය සඳහා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,787කදී අද පෙරවරු 9:30ට ආරම්භ වන අතර, ඒ සඳහා මධ්‍යස්ථාන සූදානම් කිරීම සහ දූමායනය ඊයේ (09) දින සිදු කර ඇත.

මෙවර ශිෂ්‍යත්ව විභාගයට අයදුම්කරුවන් 307,951ක් පෙනී සිටීමට නියමිතය. විභාගයේදී දෙවන ප්‍රශ්න පත්‍රය පළමුව ලබා දෙන අතර, එය පෙරවරු 9:30 සිට 10:45 දක්වා පැවැත්වේ. ඉන් අනතුරුව පැය භාගයක විවේක කාලයකින් පසු, පළමු ප්‍රශ්න පත්‍රය පෙරවරු 11:15 සිට පස්වරු 12:15 දක්වා පැවැත්වේ. ඒ අනුව, මෙම විභාගය පෙරවරු 9:30 සිට පස්වරු 12:15 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ. 

ඊයේ (09) පැවති දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි මහත්මිය පැවසුවේ, විභාගය අතරතුර යම් ආපදා තත්ත්වයක් හෝ හදිසි තත්ත්වයක් මතු වුවහොත්, 117 යන හදිසි ඇමතුම් අංකය ඔස්සේ විභාග දෙපාර්තමේන්තුව වෙත දැනුම් දිය හැකි බවයි.

ඒ සඳහා විශේෂ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කර ඇති බව ඇය සඳහන් කළාය. එමෙන්ම, දරුවන් විභාග ශාලාවට උදෑසන 8:30 වන විට පැමිණිය යුතු බවත්, පෙරවරු 9:00 වන විට විභාග ශාලාවේ අසුන් ගත යුතු බවත්, දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින බවත් ඇය පැවසුවාය.