ඇෆ්ගනිස්තානුවන් පරදවා සුපිරි ජයක් ඉන්දියානුවන්ට - ඉන්දියාව පුරා ජය කෙහෙළි රැව්දෙයි.. (PHOTOS)
අද (11) Delhi, Arun Jaitley Stadium ක්‍රීඩාංගණයේ දී 2023 ලෝක කුසලාන තරගාවලියේ 9 වන තරගය පැවැත්විණ.
ඒ ඉන්දීය කණ්ඩායම හා ඇෆ්ගනිස්තානය කණ්ඩායම අතරයි.
තරගයේ කාසියේ වාසිය ඇෆ්ගනිස්තානය හිමිකර ගත්තේ ය.
ඒ අනුව ඔවුන් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේ ය.
එහිදී ඇෆ්ගනිස්තානය වෙනුවෙන් Azmatullah Omarzai ලකුණු 62 , Hashmatullah Shahidi ලකුණු 80ක් රැස් කළේ ය.
එමෙන්ම පන්දු යැවීමෙ දී Jasprit Bumrah කඩුලු 04ක් ,Hardik Pandya කඩුලු 02ක් සහ Shardul Thakur කඩුලු 01 බැගින් දවා ගත් අතර ඇෆ්ගනිස්තාන කණ්ඩායම පන්දු වාර 50 අවසනයේ කඩුලු 08ක් පමණක් දැවී ලකුණු 272ක් රැස් කළේ ය.
පිළිතුරු වාර ක්‍රීඩා කිරීමට පිටියට පැමිණි ඉන්දිය කණ්ඩායම පන්දු ඕවර 35 දී ලකුණු 273 ක් ලබා ගත්තේ ය.
මේ අතර ඉන්දියාව වෙනුවෙන් Rohit Sharma ලකුණු 131 ක් ද, Ishan Kishan ලකුණු 47 ක් , හා Virat Kohli ලකුණු 55ක් ලබා ගත්තේ ය.
කෙසේ වෙතත්, 2023 ලෝක කුසලාන තරගාවලියේ 9 වන තරගයේ දී ඇෆ්ගනිස්තානය ලකුණු 273 කින් පරාජය කරමින් ඉන්දියාව ජයග්‍රහණය කරනු ලැබුවේ ය.




