රැදවියාගේ ගුද මාර්ගයේ තිබී එලියට ආ දේ..(PHOTOS)

prison Walikada tobbacco sim
By Sewvandhi Feb 03, 2022 06:47 AM GMT
Report

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් සෝදිසි කිරීමේදී රැඳවියෙකු විසින් ගුද මාර්ගයේ සඟවා ගෙන සිටි දුම්කොළ කැබලි සොයා ගෙන තිබෙනවා.

අදාළ රැඳවියා දුම්කොළ කැබලි 3ක් පොලිතීන් කවරයක ඔතා ගුද මාර්ගයේ සඟවා ගෙන සිටි බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

බන්ධනාගාර සංකීර්ණයේ සෝදිසි රාජකාරී සිදු කරන විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරීන් කළ පරීක්ෂා කිරීමකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනුණා.

අත්අඩංගුවට පත් සැකකරු කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 39ක අයෙක්. මේ අතර යට කලිසමේ සඟවා ගෙන රුපියල් 17,390ක මුදලක් වැලිකඩ බන්ධනාගාරය තුළට රැගෙන ඒමට උත්සහ කළ රැඳවිකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ රැඳවියා 71 හැවිරිදි ගොකන්දර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. තවද , මුඛය තුළ සඟවාගෙන සිම්පත් තුනක් බන්ධනාගාරය තුළට රැගෙන ඒමට උත්සහ කළ 43 හැවිරිදි රැඳවියෙකුද හසු වී තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery