චාල්ස් රජුගේ රාජාභිෂේකයට සුවිශාල බලඇණියක් - යානා 60කට වැඩි ගුවන් සංදර්ශනයක් ද ඒ අතර..
Prince Charles
England
By krishani
තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකයේ ආචාර පෙළපාලිය සඳහා හමුදා සාමාජිකයන් 5,000 කට අධික පිරිසක් සහභාගි කරගැනීමට බ්‍රිතාන්‍ය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
එයට පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල 30 කට වැඩි සංඛ්‍යාවක ආරක්ෂක අංශ නිලධාරින් ද සහභාගී කරගැනීමට නියමිතය.
ලබන මස 06වන දා ලන්ඩන් වෙස්ට්මිනිස්ටර් දේවස්ථානයේ මෙම රාජකීය උත්සවය පැවැත්වීමට තිරණය කර ඇත්තේ.
මේ උත්සවය සදහා යානා 60 කට වැඩි සංඛ්‍යාවක් සහභාගි කරගනිමින් ගුවන් සංදර්ශනයක් මෙන්ම කාලතුවක්කු වෙඩි මුර ආචාර පුද කිරීමක් ද පැවැත්විමට නියමිතය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |