තුවක්කු ආඥා පනත සංශෝධනයට. - බලපත්‍ර ගාස්තුත් වෙනස් වෙයි.

Sri Lanka Cabinet Government Of Sri Lanka
By Wayomi May 23, 2024 06:36 AM GMT
Report

තුවක්කු ආඥා පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ, 1969 අංක 33 දරණ තුවක්කු ආඥා පනත සහ 1996 අංක 22 දරණ තුවක්කු සංශෝධන පනත මගින් නියම කර ඇති බලපත්‍ර ගාස්තු යාවත්කාලීන කර සංශෝධනය කිරීම සඳහා මෙලෙස අනුමැතිය ලැබී ඇත.

මෙම පනතේ ප්‍රතිපාදන අනුව ආරක්ෂක අමාත්‍යාංශය විසින් කෘෂිකාර්මික හා කෘෂිකාර්මික නොවන කටයුතු සඳහා බලපත්‍ර මත ගිනි අවි නිකුත් කිරීම සිදුකරනු ලබන අතර ඒ සඳහා වාර්ෂික බද්දක් අය කරනු ලබනවා.

මේ වන විට ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති ගිනි අවි ප්‍රමාණය 34318 ක්.

එමඟින් බලපත්‍ර ගාස්තු වශයෙන් රුපියල් මිලියන 45ක පමණ මුදලක් වාර්ෂිකව මහා භාණ්ඩාගාරය වෙත බැර කරනු ලබනවා.

කාලීන අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි 1816 අංක 33 දරණ තුවක්කු ආඥා පනත හා 1996 අංක 22 දරණ තුවක්කු පනත සම්පූර්ණයෙන්ම සංශෝධනය කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය විසින් අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.

මෙවර ලියාපදිංචි දන්සල් ප්‍රමාණය සහ ප්‍රමිතීන් ගැන දැනුම්දීමක්.

මෙවර ලියාපදිංචි දන්සල් ප්‍රමාණය සහ ප්‍රමිතීන් ගැන දැනුම්දීමක්.


කෙසේ වෙතත් එකී සංශෝධන සිදු කරනු ලබන තෙක් අදාල බලපත්‍ර ගාස්තු වත්මන් අවශ්‍යතා අනුව සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇති බවයි රජය පවසන්නේ.

ඒ අනුව කටයුතු කිරීමට හැකිවන පරිදි තුවක්කු ආඥා පනතේ 24 වගන්තිය හා 34 වගන්තියේ (1) උප වගන්තිය කඩිනමින් සංශෝධනය කිරීම සඳහා ආරක්ෂක අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.  

..............................................

May you Like