ටයිටැනික් නෞකාව අසලින් තවත් පුදුමයක් මතුවෙයි

United States of America
By Sewvandhi Jun 22, 2023 04:48 PM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ,ටයිටැනික් නෞකාව ආසන්නයේ තිබී යාත්‍රාවක සුන්බුන් සොයා ගත් බවයි.

එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය සඳහන් කර ඇත්තේ, අතුරුදන් වූ ටයිටන් සංචාරක සබ්මැරීනය සොයා සිදු කළ මෙහෙයුම්වලදී එම සුන්බුන් හමු වූ බවයි.

වෙරළාරක්ෂක බලකාය වැඩිදුරටත් ප්‍රකාශ කළේ, කෙසේ වෙතත් එම සුන්බුන් ටයිටන් සංචාරක සබ්මැරීනයේ කොටස් ද යන්න මෙතෙක් තහවුරු කර නොමැති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවයි.

මේ අතර, අත්ලාන්තික් සාගර පතුලේ පිහිටි ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට ගොස් පස් දෙනෙකු සමගින් අතුරුදන් වූ ටයිටන් සබ්මැරීනය සොයා ගැනීමට තවමත් මෙහෙයුම් කණ්ඩායම්වලට නොහැකි වී තිබෙනවා.

එම සබ්මැරීනය සතුව ඔක්සිජන් වායුව දැන් සම්පූර්ණයෙන්ම අවසන් වී ඇත. සුප්‍රකට ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට බ්‍රිතාන්‍යයේ හා පාකිස්ථානයේ ප්‍රකෝටිපතියන් තිදෙනෙකුද සහිතව ඕශන් ගේට් සමාගමේ ටයිටන් සබ්මැරීනය සාගර පත්ලේ ගවේෂණය ඇරඹුවේ පසුගිය ඉරිදා දිනයේයි.

ඔවුන්ගේ අපේක්ෂාව වී තිබුණේ එදිනම පස්වරුවේ යළි පැමිණීමට නමුත් සබ්මැරීනය කිසිවෙකුත් නොසිතූ ලෙස සාගර පත්ලේ අතුරුදන් වුණා.

ඒ අනුව සබ්මැරීනය සොයා අත්ලාන්තික් සාගරයේ තවමත් මෙහෙයුම් සිදුකෙරෙන්නේ ලොව සුපතල සෝනා තාක්ෂණයෙන් සාගර පත්ලේ මෙවැනි ශබ්ධ තරංග ග්‍රහනය කර ගැනීමටද මේ වන විට හැකිව ඇති අතර කිසියම් වස්තුවට තදින් පහර දෙන හඩක් තප්පර කිහිපයක විරාම සහිතව එම ශබ්ද තරංගවල අන්තර්ගතයි.

කෙසේ වෙතත් එම ශබ්ද තරන්ග වල මූලාශ්‍රය නිකුත් වන්නේ ටයිටන් සබ්මැරීනයෙන් බවට මෙතෙක් තහවුරු කර නැහැ.