නීරෝගී වෙන්න - මේ දේවල් කරන්න.

Ministry of Health Sri Lanka Healthy Food Recipes
By Madheeha_Naz Sep 05, 2023 05:46 AM GMT
Madheeha_Naz

Madheeha_Naz

in රචනා
Report

සාමාන්‍යයෙන් අපි හැමෝම කැමති නිරෝගී සෞඛ්‍ය සම්පන්න දිවියක් ගතකරන්නනේ කව්ද ඉතින් ලෙඩ වෙලා ඉන්න ආස නේද අන්න ඒ නිසා අද අපි මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ ලෙඩ රෝග වලින් ඈත් වෙලා නිරෝගී සෞඛ්‍ය සම්පන්න දිවියක් ගත කිරීමට අනුගමනය කලයුතු ක්‍රම කිහිපයක් ගැනයි එන්න අපි දැන් ඒවා මොනවද කියලා බලමු.

1 ක්‍රමවත් නින්ද

 සුවපහසු නින්දක් කියන්නේ මිනිස් සිරුරකට අත්‍යවශ්‍යම දෙයක් හැබැයි දැන් නම් හැමෝම කෙටි නින්දක් තමයි ලබාගන්නේ එකනම් ඔබේ සෞඛ්‍යට එතරම් හොඳ දෙයක් නෙවෙයි ඔබ සුවපහසු නින්දක් ලබාගැනීම තුලින් ඔබට මතක ශක්තිය වැඩිවීම ,කෑම රුචිය ඇතිවීම යනාදී දේවල් සිදුවෙනවා ඒව ඉතරක් නෙවෙයි හොඳ සුවපහසු නින්දක් ලබාගැනීම තුලින් ඔබේ ස්නායු පද්ධතියත් නිසියාකාරව ක්‍රියාකරව පටන්ගන්නවා. 

2 ව්‍යායාම කිරීම

නිතර ව්‍යායාමවල නිරත වීමෙන්  රුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් තත්ත්ව අවම කරගන්න පුළුවන් .  ඒවිතරක් නෙවෙයි මෙසේ ව්‍යායාම සිදුකිරීම මගින් ඔබට බෝ නොවන රෝග වළක්වාගන්න පුළුවන් වගේම ඔබේ සිරුර නිසි ප්‍රමාණයට පවත්වාගන්නත් පුළුවන්. 

3 ජලය පානය කිරීම

සාමාන්‍යයෙන් අපිට වතුර බොන්න ඕනේ කියල මතක් වෙන්නේ එක්කෝ කන්න කලින් නැත්නම් කෑවට පස්සේ මෙහෙම වතුර බොන්නේ නැතිව ඉන්න එක නම් සිරුරට හොඳ දෙයක් නෙවෙයි අපිත්  ඔබට ජලය පානය කිරීමේ වැදගත්කම පිලිබඳ කිහිපවතාවක්ම දැනුවත් කරලා තියෙනවනේ ජලය පානය කිරීම මගින් අපේ සිරුර විජලනය වන්න නොදී පවත්වාගන්න පුළුවන් වගේම අපේ සිරුර රෝග වලින් ආරක්ෂා කරග්ගනද උපකාරී වෙනවා.

4 අත් සේදීම

 අපි පුංචි කාලේ ඉදන්ම අත්  හෝදලා තමයි කෑම කන්න ඕනේ කියලා අපේ දෙමව්පියෝ කියනවනේ එක ඉතින් අපි ලොකුවෙන්න ලොකුවෙන්න ඒ පුරුද්ද අපෙන් ගිලිහිලා යනවා. හැබැයි ඉස්සර ඉඳල අපේ වැඩිහිටියෝ අපිට අත් සෝදලා කෑම කන්න කිව්වේ නිකන් නෙවෙයි එකට හේතුවක් තියෙනවා මොකද අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව අපේ අත් විවිධ පෘෂ්ට මත ගැටෙනවා ඉතින් එහෙම වුනාම අපි දන්නෙම නැතුව අපේ අත්වල විෂබීජ එන්න පටන්ගන්නවා ඊටපස්සේ ඒ අත්වලින්ම අපි කෑමත් කාපුවහම ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ අපේ ඇඟට විෂබීජ ඇතුළු වෙලා පාචනය කොලරාව වැනි  විවිධ රෝග මතුවෙන්න පටන්ගන්නවා අන්න ඒ නිසා ඔබ විසින්ම රෝග වලට ගොදුරුවෙන්න යන්නේ නැතුව හොඳට ඇත හෝදලා ආහාර ගන්න පුරුදුවෙන්න .


5 සමබල ආහාර වේලක් ගැනීම.

 සිරුර දහනය කරගැනීමට වඩා අධික ආහාරගනිමෙන් දියවැඩියාව ,ස්ථුලතාවය අධි රුධිර පීඩනය සහ අක්මාව ආශ්‍රිත රෝග වගේ දේවල් ඇතිවෙන්න පුළුවන් මේවා අවම කරගන්න නම් සමබල ආහාර  වේලක් ගැනීම ඉතාමත් වැදගත්.මෙසේ සමබල ආහාර වේලක් ගැනීම මගින් ඔබට නිරෝගී සිරුරක් ලබාගන්න පුළුවන්. 


අද අපි කිව්වා මෙන්න ක්‍රම අනුගමනය කිරීම මගින් ඔබට ලෙඩ රෝගවලින් තොර නිරෝගී දිවියක් ගතකරන්න පුළුවන්. ඉතින් අද අපි ගෙනාපු මේ වීඩියෝ එක ඔයාලට හුඟක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා අපි හිතනවා.