මහ මග ටිපර් රථ රියදුරාට පහරදුන් සැකකරුවන්ට සිදුවූ දේ.. (VIDEO)

By Sithumi Mar 24, 2022 04:23 PM GMT
Report

ටිපර් රථ රියදුරාට පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. ඊයේ (23) සවස් කාලයේදී මීගොඩ පොලිස් වසමේ අතුරුගිරිය දෙස සිට පාදුක්ක දෙසට ධාවනය වූ ටිපර් රථය යතුරුපැදි දෙකකින් පැමිණි තරුණයින් පිරිසක් අවහිර කර එම පහරදීම සිදුකර තිබුණි.

පහරදීමට හේතුව ලෙස අනාවරණය වී ඇත්තේ යතුරුපැදි සඳහා මාර්ගයේ ඉඩ ලබානොදීම සම්බන්ධ සිද්ධියකි. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අවුරුදු 19ත් 20ත් අතර වයස්වල පසුවන අයයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. 
Join now


Gallery