එච්.අයි.වී ගැන විශේෂ නිවේදනයක්..
එච්.අයි.වී. පරීක්ෂණ සිදු කර ගැනීමට කැමැති අයෙකුට අන්තර්ජාලය ඔස්සේ ඒ සඳහා වේලාව වෙන්කර ගැනීමට ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන අවස්ථාව ලබා දී තිබෙනවා.
ඒ අනුව ඩබ්ලිව් ඩබ්ලිව් ඩබ්ලිව් ඩොට් නෝෆෝෂුවර් ඩොට් එල් කේ (www.know4sure.lk)වෙබ් අඩවියට පිවිසීමෙන් ඒ සඳහා වේලාව වෙන්කර ගත හැකියි.
0112 667 163 සහ 070 363 35 33 යන දුරකතන අංකයට ඇමතීමෙන් ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකි බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එමෙන්ම, 071 63 79 192 දුරකතන අංකයට ඇමතීමෙන් එච්.අයි.වී. ස්වයං පරීක්ෂණ කට්ටල නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව පවතිනවා.
ජාතික ලිංගාශ්‍රිත රෝග හා එච්.අයි.වී./ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා, විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි සඳහන් කළේ එච්.අයි.වී. වෛරසය ආසාදිත 3700 දෙනෙකු මේ වනවිට මෙරට තුළ සිටින බවයි.
පසුගිය වසරේ දී අලුතින් ආසාදිතයින් 410 ක් වාර්තා වී ඇති අතර, 2019 වසරට සාපේක්ෂව 2020 සහ 2021 වසරවල ආසාදිතයින් වාර්තා වීමේ පහත යාමක් පෙන්නුම් කරන බව ද ඇය කියා සිටියා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |