සමාජ මාධ්‍ය හොල්ලපු, අත්අඩංගුවට ගත් TikTok විශ්ව බුද්ධා ගැන ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න.. (PHOTOS)

Sri Lanka Police Sri Lanka Police Investigation TikTok Social Media Latest Headlines
By krishani Dec 13, 2023 04:31 PM GMT
Report

ඊයේ (12) දිනයේ දී CIDය විසින් විශ්ව බුද්ධා නමින් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රකාශ සිදු කළ චීවරධාරියා අත්අඩංගුවට ගැණින.

සමාජ මාධ්‍ය හොල්ලපු, අත්අඩංගුවට ගත් TikTok විශ්ව බුද්ධා ගැන ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න.. (PHOTOS) | Tiktok Wishva Buddha Remand

ඒ යක්කල ප්‍රදේශයේ දී ය.

ඔහුව 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ටික්ටොක් හරහා වඩාත් ප්‍රසිද්ධ වූ එම තැනැත්තා සුනඛයෙකුට සිවුරක් පොරවන ආකාරයේ වීඩියෝ පටයක් ද පසුගියදා සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇත.

සමාජ මාධ්‍ය හොල්ලපු, අත්අඩංගුවට ගත් TikTok විශ්ව බුද්ධා ගැන ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න.. (PHOTOS) | Tiktok Wishva Buddha Remand

අදාළ තැනැත්තා විටෙක සිවුරු හැඳ සිටිමින් සහ තවත් විටෙක සිවුර ඉවත් කරමින් සාමාන්‍ය ඇඳුමකින් ද සැරසී සිටිනු දැකගත හැකිය.

Youtube සහ Tiktok සමාජ මාධ්‍ය හරහා ජනප්‍රිය වූ චීවරධාරියෙක් අත්අඩංගුවට ගනී.(VIDEO/PHOTOS)

Youtube සහ Tiktok සමාජ මාධ්‍ය හරහා ජනප්‍රිය වූ චීවරධාරියෙක් අත්අඩංගුවට ගනී.(VIDEO/PHOTOS)


ඔහු විසින් ඒ ආකාරයේ වීඩියෝ පට සමාජ මාධ්‍ය වෙත එක් කර තිබූ අතර සිවුර යනු හුදෙක් සංකේතයක් පමණක් බව ඔහු පැවසීය.

මේ අතර, සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන ආගමික වෛරී අපරාධ සම්බන්ධයෙන් වන චෝදනා විමර්ශනය කිරීම සඳහා වෙනම කොට්ඨාශයක් පිහිටුවන ලෙස වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසයට නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සිදුකෙරෙන ආගමික වැරදි සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට වෙනම ඒකකයක් ස්ථාපිත කර ඇත.

ඒ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර පහතින්,

වැඩ බලන පොලිස්පතිගෙන් වහාම නියෝගයක්..

වැඩ බලන පොලිස්පතිගෙන් වහාම නියෝගයක්..