මැතිවරණ උණුසුම් කිරීම සඳහා ටික්ටොක් තරගයක්
මාලදිවයිනේ ලබන අප්‍රේල් 4 වැනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන හා කාන්තා සංවර්ධන කමිටු මැතිවරණය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් එරට මැතිවරණ කොමිෂන් සභාව විසින් TikTok තරගයක් පවත්වන බව නිල වශයෙන් නිවේදනය කර තිබේ.
‘රෂුගේ කුරිමගේ’ (Rashuge Kurimage) හෙවත් ‘දූපතේ අනාගතය’ (Island's Future) යන තේමාව යටතේ සංවිධානය වන මෙම තරගය සඳහා අයදුම්පත් දැනටමත් විවෘතව පවතී.
තරගයට සහභාගී වීමට අවම වයස අවුරුදු 18ක් විය යුතු අතර, ඕනෑම මාලදිවයින් පුරවැසියෙකුට මෙහිදී ඉදිරිපත් විය හැකිය.

තරගය සඳහා ඉදිරිපත් කළ යුතු වීඩියෝ නිර්මාණ පහත සඳහන් මාතෘකා ඔස්සේ සකස් විය යුතුයි. ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවශ්‍ය වන නිල ලේඛන, මැතිවරණවලදී තහනම් කර ඇති ක්‍රියාකාරකම්, දිවයිනේ හෝ නගරයේ මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීමේ වැදගත්කම, මැතිවරණ කාලසීමාවේදී තොරතුරු ලබා දීමේ වැදගත්කම සහ විවිධ මූලාශ්‍රවලින් ලැබෙන තොරතුරු තහවුරු කර ගැනීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරෙන බවයි මාලදිවයින් මැතිවරණ කොමිසම නිවේදනය කර ඇත්තේ. තරගයට සහභාගී වීමට කැමති පුද්ගලයින් තම වීඩියෝ නිර්මාණ ජනවාරි 31 වන එවිය යුතු වේ.
මෙමම තරගයේ ජයග්‍රාහකයින් සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් වටිනා මුදල් ත්‍යාග පිරිනමනු ලබන අතර ප්‍රථම ස්ථානයට මාලදිවයින් රුෆියා (MVR) 5000, දෙවන ස්ථානයට මාලදිවයින් රුෆියා (MVR) 3000ක් ද තෙවන ස්ථානයට මාලදිවයින් රුෆියා (MVR) 2000ක් ද ලබාදීමට නියමිතයි.