දුර දිග ගිය ටික් ටොක් පෙම..පෙම්වතියගෙන් පෙම්වතාට සුපිරි වාහනයක් සහ ගෙයක්..පසුව අදහාගත නොහැකි දෙයක් වෙයි.(PHOTOS).
වැල්ලවත්ත මුහුදු වෙරළේ තිබී මාලදිවයින් ජාතික අෆ්හම් නමැති තරුණයාගේ මළසිරුර හමු වූයේ පසුගිය පෙබරවාරි මස පස්වැනිදා සවස් යාමයේයි.
එකී විදෙස් ජාතිකයාගේ මළසිරුර හමු වී ගත වූයේ දින 19ක් වැනි කෙටි කාලයකි.
නැවතත් වැල්ලවත්ත පොලිස් වසමෙන් විදෙස් ජාතික කාන්තාවකගේ මරණයක් පිළිබඳව වාර්තා වූයේ ඉකුත් පෙබරවාරි මස 24 වැනිදායි.
එදින රාත්‍රී 7.20ට පමණ 119 පොලිස් හදිසි ඇමැතුම් අංකයට පුද්ගලයකුගෙන් දුරකථන ඇමැතුමක් ලැබිණි.
“සර්... වැල්ලවත්තේ සුපුන් ආර්කේඩ් රෙසිඩන්ස් මහල් නිවාසයේ කාමරයක ගෑනු කෙනෙක් සිහි නැතිව වැටිලා ඉන්නවා.
ඔළුවෙනුත් ලේ ගලනවා. හැබැයි එයා විදේශ ජාතික කාන්තාවක්“ යැයි ඇමැතුම දුන් එකී තැනැත්තා පැවැසීය.
මිරිහානේ පිහිටි 119 පොලිස් හදිසි ඇමැතුම් කොට්ඨාසයට ලද එම ඇමැතුම ක්ෂණිකවම යොමු කෙරුණේ අදාළ ප්‍රදේශය බාර පොලිස් වසම වන වැල්ලවත්ත පොලිස් ස්ථානය වෙතයි.
ඒ වන විටත් වැල්ලවත්ත පොලිස් ස්ථානයේ නිලධාරිහු රාත්‍රී රාජකාරිවලට යොමු වෙමින් සිටියහ.
විදෙස් ජාතික කාන්තාවක් සිහි මුර්ජා වී ඇද වැටී සිටීම පිළිබඳව වැල්ලවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රශාන් සිල්වාගේ මෙහෙයවීමෙන් එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සිසිර කුමාර ප්රමුඛ නිලධාරි කණ්ඩායමක් සැණින් ගාලු පාරට මුහුණලා පිහිටි සුපුන් ආර්කේඩ් රෙසිඩන්ස් මහල් නිවාසයට ගොස් සොයා බැලූහ.
එකී කාන්තාව වැටි සිටියේ මහල් නිවාසයේ දෙවැනි මහලේ 256 වැනි කාමරයේ නාන කාමරය තුළයි.
නාන කාමරයේ වැටි සිටි කාන්තාවගේ නිරුවත් සිරුර කාමරය තුළට ගෙන තිබුණේ විදෙස් ජාතික කාන්තාව සමඟ එම කාමරයේ නවාතැන්ගෙන සිටි ශ්‍රී ලාංකේය තරුණයා විසිනි.
පොලිස් නිලධාරින් යන විට එම කාන්තාව රෝහල් ගතකිරීමට පැමිණි 1990 ගිලන් රථ සේවාවේ නිලධාරින් පරීක්ෂා කර බලා කියා තිබුණේ ඇය ඒ වනවිටත් මියගොස් ඇති බවයි.
විදෙස් ජාතික කාන්තාවකගේ මරණයක් හෙයින් ජාත්‍යන්තර වශයෙන්ද කතාබහට ලක්වන නිසා එම ස්ථානයට ගිය පොලිස් නිලධාරින් ඇයගේ මරණය පිළිබඳව ක්ෂණිකවම වැල්ලවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් කෙරුණේ ඉදිරි පියවර ගැනීම සඳහායි.
ඒ අතර ඇය සමඟ කාමරයේ සිටි ශ්‍රී ලාංකික තරුණයාගෙන්ද පොලිසිය දිගින් දිගටම ප්‍රශ්න කරන්නට වූයේ ඇයට වූයේ කුමක්ද යන්න අනාවරණය කරගැනීමටයි.
ඒ අනුව කොළඹ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍ර කුමාර සහ කොළඹ දකුණ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිර පෙන්තතන්ත්රිගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි ජයශාන්ත ද සිල්වාගේ අධීක්ෂණයෙන් වැල්ලවත්ත පොලිස් නිලධාරින් විසින් විමර්ශන ඇරැඹිණි.
එහි විමර්ශන පුළුල් කරමින් කොළඹ දකුණ ‘සොකො‘ නිලධාරින් සහ අපරාධ වාර්තා කොට්ඨාස (CRD) නිලධාරීන්ද පැමිණ පරීක්ෂණ ආරම්භ කළහ.
මියගිය කාන්තාවගේ මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුබෝවිල රෝහල වෙත යොමු කෙරෙද්දී මියගිය ස්ථානය පිළිබඳව ගල්කිස්ස වැඩබලන මහේස්ත්‍රාත් සී. ඒ. ධර්මතිලකද පැමිණ ස්ථානීය පරීක්ෂා පොලිස් විමර්ශනවලින් හෙළි වූයේ මරණයට පත් කාන්තාව 1955 වසරේ නෙදර්ලන්තයේ නිකේරි දිස්ත්‍රික්කයේ උපන් කලිඩින් නිෂා ගටොයින් නමැති නෙදර්ලන්ත ජාතික කාන්තාවක් බවයි.
ඇය නෙදර්ලන්තයේ රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමේ රජයේ ආයතනයක රැකියාවක නියුතුව විශ්‍රාම සුවයෙන් පසුවූ මුදල් යහමින් තිබූ තැනැත්තියකි.
වයසට වඩා රූමත් පෙනුමකින් යුත් කාන්තාවක වූ නිෂා මීට වසර 18කට පමණ පෙරදී සැමියා ගෙන් වෙන්වූ කාන්තාවකි. නිෂාට දරුවන් දෙදෙනෙකි.
වැඩිමහල් දියණිය 43 හැවිරිදිය. බාල පුතු 41 හැවිරිදිය. ඇය සමඟ වාසය කළ දරුවන් දෙදෙනා මේ වන විට විවාහ වී සිටීරට රටවල සංචාරය කරමින් විනෝදයෙන් කල් ගෙවන අතරේ නිෂා අන්තර්ජාල සමාජ මාධ්‍යයන්හි සැරිසරමින් මෑතක සිට උන්මාදයක්ව පවතින ටික් ටොක් (Tik Tok) වීඩියෝ නරඹමින් ඒවාට ප්‍රතිචාර දැක්වීම විනෝදාංශයක් කරගෙන සිටියාය.
ටික් ටොක් මඟින් ඉකුත් නොවැම්බර් මාසයේදී ඇයට හඳුනාගන්නට ලැබුණේ ශ්‍රී ලාංකිකයකු වන අචිලය. ඔහු බුලත්සිංහල ප්‍රදේශයේ වෙසෙන 36 හැවිරිදි තරුණයෙකි.
වැඩිමහලු සහෝදරියන් දෙදෙනෙක් සහ බාල සහෝදරයකු සිටින අචිල එතරම් යමක්-කමක් නොමැති පවුලක උපන්නෙකි. ඔහුගේ පියා ද ජීවතුන් අතර නැත.
පළමු විවාහයෙන් දික්කසාද වූ ඔහු නැවත විවාහ වූවෙකි. ඒ විවාහයෙන් වයස අවුරුදු දෙකක පමණ දරුවෙක්එ ද සිටී.
එහෙත් මේ වන විට අචිල එකී විවාහයෙන්ද වෙන්ව ජීවත් වෙති. තමාටම කියා ගෙයක්දොරක් නොමැති අචිල විසූවේ බුලත්සිංහල වෙසෙන සිය සහෝදරියගේ නිවෙසේයි.
අචිල 2015 වසරේ රැකියාවක් සඳහා ඩුබායි වෙත ගියේය. ඒ ඩුබායි ගුවන් තොටුපොළේ රැකියාවකටයි.
කොරෝනා වසංගතය නිසා රැකියා අහිමි වූ හෙයින් ඔහු 2020 වසරේ මැද භාගයේදී නැවත ශ්‍රී ලංකාවට පැමිණියේය.
අචිල නැවත 2021 වසරේ සැප්තැම්බර් මස තුන් මසක වීසා ගෙන ඩුබායි වෙත ගියේ රැකියාවක් අපේක්ෂාවෙනි. කඩවසම් තරුණයෙක් වන අචිල මෑතක සිට නිතරම පා"හේ ටික් ටොක් සඳහා වීඩියෝ ‘අප්ලෝඩ්‘ කිරීම පුරුද්දක් කරගෙන සිටියේය.
එකී බොහෝ වීඩියෝවන්හි ඔහුගේ කඩවසම් අඟපසඟද දක්නට විය.
අචිලගේ ටික් ටොක් වීඩියෝවලට වශී වූවන් බොහෝ පිරිසකි.
එකී පිරිස් අතර මෙරට අයවලුන් පමණක් නොව විදෙස් ජාතිකයන්ද බොහොමයකි.
නෙදර්ලන්ත ජාතික කලිඩින් නිෂා ගටොයින් නමැත්තියද ඒ අතර වූවාය.
අචිලගේ ටික් ටොක් වීඩියෝවන්ට වශී වීම නිසා කලිඩින් නිෂා, අචිලට හඳුනා ගැනීමට හැකි වන්නේ ගිය වසරේ නොවැම්බර් මාසයේදී පමණය.
අචිලට වඩා හරියටම අවුරුදු 30කින් වැඩිමහල් කාන්තාවක වුවත් නිෂා අචිලගේ වීඩියෝවන්ට වහ වැටී සිටියාය. ඒ නිසාවෙන්ම ඇය අචිල සොයා ඩුබායි රාජ්‍යයටද පැමිණියාය.
ඒ සති දෙකක කාලයකටයි. එම කාලය තුළදී වයස් බේදයක් නොතැකු දෙදෙනා පෙමින් වෙළෙමින් බොහෝ සේ සතුටු වූහ.
අචිලගේ ඩුබායි වීසා බලපත්‍රය අවසන් වූ සැණින් ඔහු ඉකුත් පෙබරවාරි මාසයේදී මෙරටට පැමිණියේය.
ඒත් සමඟ නිෂාද ඩුබායි සිට නෙදර්ලන්තයට ගියත් දෙදෙනාගේ ආදර සබඳතාවට කිසිදු බාධාවක් නොවීය. ඉඩක් ලද සැණින් අචිල සහ නිෂා රැයක් දවාලක් නොතකා අන්තර්ජාල වීඩියෝ දුරකථන ඔස්සේ ඇමැතුම් ගනිමින් කෙටි පණිවිඩ ඔස්සේ ‘චැට්‘ කරමින් සබඳතාව පවත්වාගෙන ගියේය.
අචිල සහ නිෂාගේ සබඳතාව නිෂා විසින් දරුවන්ට ද කීවාය. අචිල එකී දරුවන් සමඟද කතාබස් කළේය.
ඒ අතරේ නිෂා තීන්දු කළේ අචිල සමඟ ටික කලක් වාසයට ශ්‍රී ලංකාවට පැමිණීමටයි.
ඒ බව ඇය තවම ජීවතුන් අතර සිටින සිය මවට මෙන්ම දරුවන් දෙදෙනාට ද පවසා තිබුණාය.
ඒ අනුව නිෂා ප්‍රථම වරට ශ්‍රී ලංකා භූමියට පා තැබුවේ ඉකුත් පෙබරවාරි මස 21 වැනිදායි.
ඒ මසක වීසා බලපත්‍රයක් ගෙනයි. නිෂා විසින් නෙදර්ලන්තයේ සිටියදී ම ඔන්ලයින් ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණි පසු වාසයට මහල් නිවාසයක කාමරයක්ද වෙන් කරගෙන තිබුණාය.
ඒ, වැල්ලවත්ත, ගාලු පාරේ පිහිටි සුපුන් ආර්කේඩ් රෙසිඩන්ස් වෙතිනි. ඉකුත් 21 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ඇය මහල් නිවාසයේ කාමරයට කැඳවාගෙන ඒමට අචිල ගුවන් තොටුපොළට ද ගොස් සිටියේය.
දෙදෙනා කුලි රථයක් ගෙන වැල්ලවත්ත මහල් නිවාසයේ වෙන් කරවාගත් කාමරයට පැමිණ තිබුණේ එදින සවස හයට පමණය.
ඇය වෙන් කරවාගත් කාමරය මහල් නවයකින් පමණ යුත් මහල් නිවාසයේ දෙවැනි මහලේ 256 වැනි කාමරයයි.
එම කාමරයේ ගෙවුණු දින කීපයේදී අචිල සහ නිෂා සතුටින් කල් ගත කළහ.
ඒ අතරතුර දෙදෙනා නොයෙක් ස්ථානයන්හි සංචාරයද කර තිබිණි.
ඒ අතරේ අචිල තනිවම පාණදුරේ වෙසෙන තම දරුවා බලන්නට ගොස් තිබුණේ ය.
ඔහුගේ මෙකී සබඳතාව ගැන පවුලේ කිසිවකුත් දැන සිට නැත. දිනය ඉකුත් 24 වැනිදායි.
එදින පෙරවරුවේ දෙදෙනා එක්ව මාලබේ පිහිටි ජනප්‍රිය මෝටර් රථ අලෙවිසලකට ද ගොස් තිබුණේ මෝටර් රථයක් මිලට ගැනීමටයි.
ඒ සඳහා අත්තිකාරම් ලෙස රුපියල් 35000ක මුදලක් ද නිෂා විසින් ගෙවා තිබුණේ පසුදින රථය රැගෙන යාමට එන බව පවසමිනි.
ඒ මෝටර් රථය අචිලගේ නමටම මිලට ගැනීමටත් නියමිතව තිබි ඇත. අනතුරුව දෙදෙනා මහල් නිවාසයට පැමිණියේ එම මෝටර් රථයේ ලිපි ලේඛන පිටපත්ද රැගෙනයි.
කාමරයට පැමිණි නිෂා පිහිනීම සඳහා මහල් නිවාසයේ ඉහළ මහලේ වූ පිහිනුම් තටාකයට ගොස් තිබුණාය.
ඇය නැවත කාමරයට එද්දී අචිල නාන කාමරයේ දිය නාමින් සිටියේය. ඔහු නාන කාමරයේ සිට පැමිණි සැණින් නිෂා දිය නෑමට නාන කාමරයට ගොස් තිබුණාය.
ඇය නාන කාමරයේ දිය නාමින් සිටින අතරේ අචිල කාමරයේ වූ සොෆා සෙටියට වී මිලට ගැනීමට අත්තිකාරම් මුදල්ද ගෙවා පැමිණි මෝටර් රථයේ ලිපි ලේඛන පරීක්ෂා කරමින් සිටියේය.
වේලාව රාත්‍රි හතට ආසන්න විය. ඒ අවස්ථාවේ එක්වරම නාන කාමරය දෙසින් විශාල ශබ්දයක් ඇසුණු බව අචිල පොලිස් නිලධාරින් ඉදිරියේ පාපෝච්චාරණය කර තිබුණේය. “සර්. ඒ ශබ්දයත් එක්කම මං නාන කාමරයට ගිහින් බැලුවා.
නිෂා බාත් රූම් එකේ වීදුරුවලින් ආවරණය කළ කොටසේ වැටිලා හිටියා. මං උස්සලා ගත්තා. සිහිය තිබුණේ නෑ.
මුහුණට වතුර ටිකක් ගැහුවත් මුකුත්ම ප්‍රතිචාරයක් දැක්වුවේ නැහැ. වැදිච්ච පාරට ඔළුවෙනුත් ලේ ආවා.
1990ට කතා කළා. එයාලා ඇවිත් බලලා කිව්වා ඇයව මැරිලා කියලා“ ඔහු වැඩිදුරටත් පොලිසියට කියා තිබුණේ නිෂා නාන කාමරය තුළ ලිස්සා වැටීමෙන් එම අවාසනාවන්ත ඉරණමට මුහුණ දී ඇති ආකාරයක් දිස් වූ බවයි.
නිෂාගේ මරණය නෙදර්ලන්ත තානාපති කාර්යාලය හරහා ඇයගේ පවුලේ අයවලුන්ට දන්වා සිටිමත් සමඟ ඇයගේ පුත්‍රයා මරණ පරීක්ෂණය සිදු කරන අවස්ථාවට පැමිණීමට නියමිතව සිටියත් පසුව ඔවුන් සඳහන් කර තිබුණේ මෙරට පොලිසියේ සහභාගිත්වයෙන් මරණ පරීක්ෂණය සිදුකර දේහය එරටට එවනා ලෙසයි.
පසුගිය බ්‍රහස්පතින්දා දින කළුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි කේ.කේ.ටී.කේ. ජයවීර විසින් මරණයට පත් කලිඩින් නිෂාගේ මරණ පරීක්ෂණය සිදු කෙරිණි.
එහිදී අනාවරණය වූයේ නිෂා හට වැලඳුණු හෘදයාබාධයක් නිසාවෙන් ඇයගේ මරණය සිදුව ඇති බවයි.
ඒ අනුව දේහය පෞද්ගලික මල් ශාලාවක් හරහා නෙදර්ලන්තයට යැවීමට කටයුතු යෙදිණි.
එම මරණය පිළිබඳව පොලිසිය අධීක්ෂණයේ සිටි ඇයගේ මෙරට පෙම්වතා ඇතුළු පුද්ගලයන් 10 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගැනීමටද වැල්ලවත්ත පොලිස් නිලධාරින් කටයුතු කළේය කලිඩින් නිෂා මෙරටට පැමිණ තිබුණේ මසක කාලයකට වුවත් ඇය වීසා බලපත්‍රය දිගු කරගෙන වසරක පමණ කාලයක් අචිල සමඟ වාසයට සැලැසුම් කර තිබූ බවකි.
අචිලට නිවෙසක්ද මිලට ගෙන දීමටද ඇයගේ සැලැස්මක් තිබූ බවත් පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබිණි.
එසේම නිෂා නෙදර්ලන්තයේ සිටියදී අචිලගේ බැංකු ගිණුම්වලටද ලක්ෂ ගණනින් මුදල් තැන්පත් කර තිබුණත් තවම ඒ මුදල් ගිණුම්වලට බැර වී නැති බවක් පොලිස් විමර්ශනවලින් හෙළි විණි.
කලිඩින් නිෂා වයසක කාන්තාවක වුවත් ඇය, අචිලට දැඩි සේ ආදරය කරමින් ඔහුට වශිකෘතව සිටි කතක් බවත් අනාවරණය වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |

