Tik Tok සමාගමෙන් දැඩි තීරණයක් - 18 අඩු අයට දිනකට විනාඩි ගණනක් පමණක් ලබාදෙයි
TikTok
By Sithumi
TIK TOK සමාගම විසින්,වයස අවුරුදු 18ට අඩු TikTok ග්‍රාහකයන් සඳහා දෛනික සීමාවක් පැනවීමට තීරණය කර තිබේ
ඒ අනුව, වයස අවුරුදු 18ට අඩු ග්‍රාහකයින්ට දිනකට TikTok මෙවලමට පිවිසිය හැක්කේ විනාඩි 60ක කාලයක් සඳහා පමණි.
එම නව ක්‍රමවේදය ඉදිරි සති කිහිපය තුළදී හඳුන්වාදෙන බව TikTok සමාගම පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |