ටික්ටොක් භාවිතා කරන්නන්ට විශේෂ දැනුම්දීමක්...ඔබත් දැඩි අවධානයෙන් සිටින්න..

Sri Lanka TikTok
By Aruna Aug 24, 2022 02:25 AM GMT
Report

ලොව ජනප්‍රියම සමාජ මාධ්‍ය වේදිකාවක් වන ටික්ටොක් (TikTok) භාවිත කරන පරිශීලකයන්ගේ පෞද්ගලික දත්ත සොරා ගැනීමේ හැකියාව ටික්ටොක් හිමිකාර සමාගම වන බයිට්ඩාන්ස් (ByteDance) සමාගමට හැකියාව පවතින බව අනාවරණය වීමත් සමග එක්සත් ජනපදය ඇතුළු රටවල් ගණනාවක ටික්ටොක් භාවිතය සම්බන්ධයෙන් නැවතත් විශාල ආන්දෝලනයක් මතුව ඇත.

රහස්‍යතා පර්යේෂකයකු සහ ගූගල් (Google) ආයතනයේ හිටපු ඉංජිනේරුවකු වන ෆීලික්ස් ක්‍රවුස් (Felix Krause) මෑතකදී කරන ලද පර්යේෂණයකදී මේ බව අනාවරණය වී තිබේ.

ක්‍රවුස්ගේ පර්යේෂණයෙන් අනාවරණය කර ඇත්තේ ටික්ටොක් පරිශීලකයන් සිය යතුරු පුවරුව භාවිත කරන ආකාරය නිරීක්ෂණය කර එම දත්ත උකහා ගැනීමේ හැකියාව සමාගම සතුව ඇති බවයි.

සාමාන්‍යයෙන් ක්‍රෙඩිට් කාඩ්පත් අංක සහ මුරපද (password) ආදී පෞද්ගලික දත්ත රැස් කිරීම ලෙස ප්‍රධාන තාක්ෂණ සමාගම් විසින් සිදු නොකරන අතර (ඒ සඳහා අවශ්‍ය ට්‍රැකර් තාක්ෂණ මේ වනවිට ලොව පැවැතියත්) එවැනි ට්‍රැකර් භාවිත කරනු ලබන්නෙ වංචනික පුද්ගලයන් පමණකි.

කෙසේ වෙතත් මෙම පර්යේෂණය පිළිබඳ තොරතුරු අනාවරණය කිරීමෙන් අනතුරුව ටික්ටොක් සමාජ ජාලය හිමි චීනයේ බයිට්ඩාන්ස් සමාගම නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ ක්‍රවුන්ස්ගේ චෝදනාව සම්පූර්ණයෙන්ම වැරදි හා නොමග යවන සුලු එකක් බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now