මොකක්ද මේ ත්‍රිෂා ගැන හැමෝම අතර පැතිරෙන කට කතාව - ඒකට ත්‍රිෂාම උත්තර දෙයි.. පතුරපු හැමෝගෙම කට වැහෙයි?.

India Indian Actress Tamil Actress Actress
By krishani Sep 21, 2023 04:59 PM GMT
Report

ත්‍රිෂා ක්‍රිෂ්ණන් යනු දමිළ සිනමාවේ ප්‍රමුඛතම නිලියක් වේ.

ඇය මෞනම් පසිතේ, සාමි, ගිලි, තිරුපාචි, ජී, ආරු, කුරුවි, වින්නයිතාන්ඩි වරුවාය වැනි චිත්‍රපට වලට මෙන්ම තවත් විවිධ ජනප්‍රිය චිත්‍රපටවලට රංගනයෙන් දායක වී ඇති දක්ෂ රංගන ශිල්පිනියකී.

ත්‍රිෂා මේ වන විට වයස අවුරුදු 40 ඉක්මවා ඇති තවමත් අවිවාහකව කාන්තාවක් ය.

මේ තත්ත්වය තුළ ඇය විවාහ වීමට නියමිත බවට දින කිහිපයක සිට සමාජ මාධ්‍ය තුළ තොරතුරු පැතිර යමින් ඇති බව වාර්තා වේ.

නමුත් මේ සඳහා ඇය සිය සමාජ ජාල පිටුවේ සටහනක් තබමින් කියා තිබෙන්නේ මෙම කටකතාවලට තිත තබන ලෙසයි.

එහිදී ඇය සඳහන් කර ඇත්තේ ''සන්සුන්ව සිටින්න, කටකතා පතුරවන්න එපා. සුබ පැතුම්" යනුවෙන් ය.

මේ අතර ත්‍රිෂා මේ වන විට විජය සමඟ ලියෝ චිත්‍රපටයට ද රංගනයෙන් දායකත්වය ලබා දෙනවා.

කෙසේ වෙතත්, විදෙස් මාධ්‍ය සඳහන් කළේ ඇයගේ මෙම සටහන සමාජ මාධ්‍ය තුළ විශාල වශයෙන් සංසරණය වන බවයි. 


800 එන්න ඔන්න මෙන්න තියලා හැමෝම ඉදිරියේ මුරලි කීව කතාව..

800 එන්න ඔන්න මෙන්න තියලා හැමෝම ඉදිරියේ මුරලි කීව කතාව..