ශාසන විරෝධීව හැසිරෙන, භික්ෂූන් ගැන ගත් විශේෂ තීරණය...

Sri Lanka
By Sithumi Dec 09, 2022 04:38 PM GMT
Report

ශාසන විරෝධී ව හැසිරෙන භික්ෂූන් සම්බන්ධයෙන් අද විශේෂ තීරණයක් ගනු ලැබුවා.එනම්,ථේරවාදී භික්ෂු කතිකාවත් පනත් කෙටුම්පතට යෝජිත නව සංශෝධන මගින් ශාසන විරෝධීව හැසිරෙන භික්ෂූන් සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමේ බලය අදාළ සංඝ සභාවේ මහානායක හිමිවරුන්ට හිමිවන බව අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහානිකායේ මහානායක අතිපූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද මහානායක හිමියන් පවසයි.

ථේරවාදී භික්ෂු කතිකාවත් පනත් කෙටුම්පත සංශෝධනය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කර තිබුණි. බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනත සංශෝධනය කිරීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කිරීම සහ ථේරවාදී භික්ෂු කතිකාවත් පනත් කෙටුම්පත් සඳහා ඉදිරි පියවර ගැනීමට බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

එමගින් කිසියම් නිකායක හෝ පාර්ශ්වයක සංඝ සභාව විසින් ගනුලැබූ තීරණයකට අනුව කිසියම් භික්ෂූන් වහන්සේ නමක් විසින් කටයුතු නොකරන අවස්ථාවකදී අදාළ සංඝ සභාවේ තීරණය බලාත්මක කරවීමට නීතිමය ප්‍රතිපාදන හිමිවී තිබේ. අද (09) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් ත්‍රෛනිකායික භික්ෂූන් වහන්සේලා ඊට අදාළ කරුණු පැහැදිලි කර තිබුණි. එහිදී අදහස් දැක්වූ රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය පූජ්‍ය අකුරැටියේ නන්ද හිමි,

"යම් යම් සටන්කාමී තරුණ භික්ෂූන් කටයුතු කරපු ආකාරය දිහා බලලා මේ ගැටලුවලට විසඳුම් හොයාගන්න අමාරුයි.ඇතැම් භික්ෂූන්වහන්සේ හදි හූනියම් කරමින්, වෂී ගුරුකම් කරමින්, පුවත්පත්වල දැන්වීම් පළකරමින් කටයුතු කිරීම නිසා ශ්‍රද්ධා සම්පන්න ජනයාගේ සිත් තැලෙන සිදුවීම් වෙලා තිබෙනවා. රත්‍රං පොලු කතන්දර නොයෙක් දේවල් තිබෙනවා."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now