මුළු බුකියම එක රැයකින් වසඟයට ගත් ත්‍රිකලා ධරණිගේ Facebook සටහන මෙන්න...සල්ලි හොයන රහස කියයි.(PHOTOS)

Sri Lanka Gossips Entertainment Modeling Thrikala dharani
By Aruna Mar 24, 2022 05:04 AM GMT
Report

ත්‍රිකලා ධරණි කිව්වම ඇයව නොදන්නවා වුණාට, ‘රෝස පාට කාර් එකේ අයිතිකාරි’ කිව්වම ඔබ ඇයව හොඳින්ම දැන අඳුනනවා.

එක රැයින් බුකියම විශ්මයට පත් කරපු මේ සුරූපී තාරකාව, සමාජ මාධ්‍ය තුළත් අතිශය ජනප්‍රිය තාරකාවියක්.

මේ තියෙන්නෙ පසුගිය දවසක ඇය සමාජ මාධ්‍ය තුළ පළ කරපු සටහනක්…

වැඩසටහනකදී අපි ආදරය කරන ප්‍රවීණ ක්‍රිකට් තරුවක් මගෙන් මෙහෙම අහනවා!

ඔයාගෙ පොඩි වයසට මේතරම් දේවල් ජීවිතයට එකතු කරගත්තේ කොහොමද ?

මම : සල්ලි හම්බකලත් කාලය හම්බකරන්න බැහැනේ .

එනිසා මම කාලය නාස්ති කලේ නැහැ.

ලංකාවෙ බහුතරයක් ලමයි O/L , A/L ඉවර කරලා මාස ගනන් ගෙදරට කාලේ නාස්ති කරනවා.

හොදම රැකියාවක් ලැබෙනකන් කියලා ඔහේ ඉන්නවා.

අසනීප වුන දවස් ඇරුනම,මම ජීවිතේ එක දවසක්වත් ප්‍රයෝජනයක් නැති විදියට ගෙවලා නෑ.

හැමතිස්සෙම ජීවිතේ එක Option එකකට වඩා තියාගන්න ඕනා.එනිසා මම ක්ශේත්‍ර කිහිපයක්ම ඉගන් ගත්තා!

මාව motivate කරපු ඇපල් සමගමේ අයිතිකරු කියපු කතාවක් මට ඒ වෙලේ මතක් වුනා.

කාලය සීමිතයි !! තව කෙනෙක්ගේ ජීවිතය තුල ජීවත් වෙමින් ඔබේ සහ ඒ කෙනාගෙ කාලය නාස්ති කරගන්න එපා.

කාලය ගෙවෙන එක නවත්වන්න බෑ. හැබැයි ගෙවෙන කාලය උපරිම ප්‍රයෝජනවත් ලෙස හසුරුවාගන්න පුළුවන් .

එහෙම අයතමා අද ලෝකයේ ඉහලින්ම ඔබ දකින්නේ කියන්න තියෙන්නේ මෙච්චරයි.

රටේ ප්‍රශ්න ,ඔයාගෙ ගමනට බාධාවක් කරගන්න එපා .

නොමිලේ ලැබෙන,ඒත් නැති වුනාම සල්ලි වලටවත් ණයටවත් ගන්න බැරි එකම දේ කාලය නිසා.

ඇයගේ සුන්දර ඡායා රූප පෙළක් පහතින් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery