ත්‍රීවිල් ගාස්තු ගැන ගත් විශේෂ තීරණය

Sri Lanka Sri Lanka Fuel Crisis
By Sewvandhi Oct 02, 2022 08:12 AM GMT
Report

පෙට්‍රල් මිල ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට පහළ දැමුණත් ත්‍රිරෝද රථ ගාස්තු පහත නොදමන බව ත්‍රිරෝද රථ සංගම් ප්‍රකාශ කරයි. සමස්ත ලංකා ත්‍රිරෝද රථහිමියන්ගේ වෘත්තීය සමිතියේ සභාපති, ලලිත් ධර්මසේකර මහතා පවසා සිටියේ මෙවන් අදහසකි‍.

"පෙට්‍රල් ලීටර් 5කින් 6කින් හයර් දුවනවා තියා ගෙදර වැඩවත් කරගන්න බෑ. හැබැයි මහ පාරේ හයර් දුවන්න ඕන තරම් ත්‍රීවිල් තියෙනවා. කොහොමද හයර් දුවන්නේ, අනෙක් හැමෝම රු 450ට ගහද්දි අපි ගැහුවේ පෙට්‍රල් ලීටරයක් රු 500යි එක්කෝ රු 550යි. ඒ කොහොම ද පොම්පකරුවාට අතට ගතමනාවක් දීලා කාගේ හරි QR කෝඩ් එකක් දාලා තමයි පෙට්‍රල් ගහගෙන යාන්තන් මේ රස්සාව කරගත්තේ. එහෙම තත්ත්වයක් තුළ රු 40ක් අඩුකිරීම තුළ අපිට කිසිසේත්ම ගාස්තු සංශෝධනයට යන්න බෑ. ජනතාවට සහන සලසා දෙන්න නම් ඉස්සරවෙලා කුලී ත්‍රීරෝද රථ සඳහා පෙට්‍රල් කෝටා එක වැඩිකරන්න කියලා ඉල්ලීම අපි කරනවා."

ප්‍රශ්නය - රු 10කින් මිල වෙනස් වුනත් ඔයතුමන්ලා ඉක්මනින්නම මිටරය වෙනස් කරනවා. ඇයි රු 40කින් මිල අඩුකරලත් අවස්ථාවක් දෙන්න බැරි.

"අපි ඔය කියන ආකාරයට රු 10කින් වැඩි වුණ ගමන් ගාස්තුව වැඩිකරන තැන නෙමෙයි ඉන්නේ. මේ වනවිට ඉන්ධන මිල ඉහළ පහළ යෑමේ දී ගාස්තුව තීරණය කරන්නේ සංගම් නෙමෙයි මීටර් දාලා තියෙන කොම්පැනි. ඒ මදිවට ඇප් දාලා කිලෝමීටරයට රු 120ක් ගන්න අය ඉන්නවා." එමෙන්ම පොදු ප්‍රවාහන සේවා සඳහා භාවිත කරන ඩීසල් මිල පහත නොදැමීම සම්බන්ධයෙන් බස් සංගම් නියෝජිතයින්ද මැසිවිලි නඟයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now