ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයින් තිදෙනෙක්ට රාජද්‍රෝහී චෝදනා..!

United Russia
By Sewvandhi May 18, 2023 06:29 AM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, රුසියාවේ ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයින් තිදෙනෙක්ට එරෙහිව රාජද්‍රෝහී චෝදනා එල්ලවී ඇති බවයි.

අදාල විද්‍යාඥයින් තිදෙනා රුසියාවේ හයිපසොනික් මිසයිල තාක්ෂණය දියුණු කිරීමේ වැඩසටහන හා සම්බන්ධව සේවය කළේය.

 විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ, ඔවුන් තිදෙනාට එරෙහිව රාජද්‍රෝහී චෝදනා එල්ලකිරීම සම්බන්ධයෙන් රුසියාව විද්‍යාඥ ප්‍රජාව කලබලයටත් කනගාටුවටත් පත්ව සිටින බවයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ක්‍රෙම්ලින් ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොෆ් පැවසුවේ තම සගයින් වෙනුවෙන් සයිබීරියා විද්‍යාඥයන් යොමුකර ඇති ලිපිය සම්බන්ධයෙන් තමා දැනුවත් බවත් එය ආරක්ෂක සේවා හා සම්බන්ධ ගැටලුවක් බවත් ය.

නමුත් විද්‍යාඥයින් පවසන්නේ තම සගයින් තිදෙනා අත්අඩංගුවට ගැනීම එරට විද්‍යා ක්ෂේත්‍රයට සිදුවන විශාල හානියක් බවය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now