බිහිසුණු ලෙස තිදෙනෙකු මියගිය රිය අනතුර... තවත් දෙදෙනෙක් රෝහලේ..

Gampaha Accident
By Sithumini Aug 15, 2024 02:38 PM GMT
Report

අද සිදුවූ තියුණු අනතුරකින් තිදෙනෙකු ජීව්තක්ෂයට පත්වීමේ ඛේදනීය පුවතක් මේ වන විට වාර්තා වී තිබෙනවා.

දිවුලපිටිය - මීගමුව මාර්ගයේ, දුනගහ හන්දිය ප්‍රදේශයේ අද (15) පෙරවරුවේ අධික වේගයෙන් පැමිණි ත්‍රිරෝද රථයක රියදුරුට එහි වේගය පාලනය කර ගැනීමට නොහැකිව ත්‍රිරෝද රථය මාර්ගයේ පෙරළී ගොස් දිවුලපිටිය දෙස සිට මීගමුව දෙසට ධාවනය කළ ටිපර් රථයක ගැටී එම අනතුර සිදුව තිබුණාེ අනතුරින් මියගොස් තිබුණේ ත්‍රිරෝද රථයේ ගමන් ගත් පුද්ගලයි තිදෙනෙක්.

තවත් කාන්තාවක් සහ පිරිමි පුදලයෙකු රෝහල් ගතකර ඇති අතර ඔවුන්ගේ තත්වය බරපතළ බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.

අනතුර හේතුවෙන් මාර්ගයේ සුළි වේලාවක රථවාහන තදබදයක්ද හටගෙන තිබුණා.