විශ්ව විද්‍යාල සිසුවෙක් කළ වෙඩි තැබීමකින් මහාචාර්යවරයෙක් ඇතුලු තිදෙනෙක් මියයයි..
Shooting
Netherlands
Death
Education
By Aruna
නෙදර්ලන්තයේ රොටර්ඩෑම් නගරයේ සිදු කළ වෙඩි තැබීමකික් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබෙනවා.
රොටර්ඩෑම් නගරයේ වෛද්‍ය මධ්‍යස්ථානයක සිදුකළ වෙඩි තැබීම් දෙකකින් ඔවුන් මෙලෙස මියගොස් ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මියගිය අය අතර කථිකාචාර්යවරයෙකු ද වන අතර කාන්තාවක් සහ ඇයගේ දියණිය ද වෙඩි වැදීමෙන් මියගොස් ඇත.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ, වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා නෙදර්ලන්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු බවයි.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි සඳහන් වන්නේ.