හෙලිකොප්ටරයක් කඩා වැටෙයි - තිදෙනෙක් ජිවිතක්ෂයට.. 20ක් තුවාල ලබයි..  (VIDEO)

Australia Accident Death
By krishani Aug 27, 2023 10:58 AM GMT
Report

ඔස්ට්‍රේලියාවේ පැවති යුද අභ්‍යාසයක් අතරතුර අමෙරිකානු හමුදා හෙලිකොප්ටර් යානයක් කඩා වැටී ඇති බව වාර්තා වේ.

ඒ ඔස්ට්‍රේලියාවේ ටිවි දූපත් ආශ්‍රිත ප්‍රදේශයටයි.

මෙසේ අනතුරට ලක් වී ඇත්තේ යුද අභ්‍යාසයට සහභාගී වූ අමෙරිකානු හමුදා සාමාජිකයන් පිරිසක් රැගත් හෙලිකොප්ටර් යානයක් ය.

එම සිදු වූ අනතුරින් අමෙරිකානු හමුදා සාමාජිකයන් තිදෙනෙකු මියගොස් තවත් 20 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන් පස් දෙනෙකුගේ තත්ත්වය ඉතා බරපතළ බව‍යි.

කෙසේ වෙතත්, මෙම යුද අභ්‍යාසය පවත්වා තිබෙන්නේ අමෙරිකාව, ඔස්ට්‍රේලියාව, පිලිපීනය, ඉන්දුනීසියාව ඇතුළු රටවල සහභාගීත්වයෙන් ය.