එකම පවුලේ තිදෙනෙක් හදිසියේම අත්අඩංගුවට ගත් හේතුව..

Sri Lanka Police Colombo Sri Lanka Police Investigation Crime
By Sewvandhi Dec 17, 2023 08:08 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

අතුරුගිරිය පොලීසිය විසින් භාණ්ඩ සොරකමේ යෙදුණු එකම පවුලේ සහෝදරයන් තිදෙනෙකු, සොරා ගත් ලක්ෂ 21ක් පමණ වටිනා භාණ්ඩ සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් ව ඇත්තේ, නාරගොඩ පාර, අංගොඩ සහ වැළිහිඳ කඩුවෙල යන ලිපිනවල පදිංචිකරුවන් වන වයස අවුරුදු 36, 32 සහ 29 යන වයස්වල පසු වන එකම පවුලේ සහෝදරයන් තිදෙනෙකි.

එනම්, සැකකරුවන් තලංගම කඩවත, අතුරුගිරිය,කඩුවෙල, පොලිස් වසම්වල ස්ථාන 18කින් භාණ්ඩ සොරකමේ යෙදී ඇති අතර, ඔවුන් අතුරුගිරිය ඒ අවට සහ බන්ධනාගාර තුළ 'අයියා මලෝ තුන්දෙනා' ලෙස ප්‍රකට සැකකරුවන් තිදෙනෙකි.

ඔවුන් අධිකරණ කිහිපයකම වරෙන්තුකරුවන් වන බව ද පොලීසිය පවසයි. සැකකරුවන් තිදෙනා කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව අතුරුගිරිය පොලීසිය පවසයි.