ආරච්චිකට්ටුවම හඬවමින් අවසන් ගමන් ගිය මව සහ දරුවන් දෙදෙනා. - දුම්රිය දෙපාර්තමේන්තුවත් පරීක්ෂණ අරඹයි. - (VIDEO)

Sri Lanka Police Accident Department of Railways
By Wayomi Feb 20, 2024 08:57 AM GMT
Report

ආරච්චිකට්ටුව - මයියාව දුම්රිය හරස් මාර්ගයේදී යතුරුපැදියක් දුම්රියේ ගැටී ඊයේ (19) මවක සහ ඇගේ දරුවන් දෙදෙනා ජීවිතක්ෂයට පත්වුණා.

එලෙස මියගියේ කොළඹ කොටුවේ සිට පුත්තලම බලා ධාවනය වූ දුම්රියක ගැටී ඊයේ (19) පස්වරුවේ සිදුවූ මෙම අනතුරෙන් මියගියේ ආරච්චිකට්ටුව අඩිප්පල ගඩොල්කැලේ ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි තිදරු මවක් සහ අවුරුදු 08 සහ 09 යන වයස්වල පසුවන ඇගේ දරුවන් දෙදෙනායි.

මෙම දරුවන් ආරච්චිකට්ටුව හැළඹවටවන ජාතික පාසලේ දෙවන සහ 4 වන ශ්‍රේණිවල අධ්‍යාපනය ලබන අතර මව විසින් දරුවන් යතුරුපැදියෙන් උපකාරක පන්තියකට රැගෙන යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති අතර පියා ප්‍රදේශයේ රෙදිපිළි ව්‍යාපාරිකයෙක්.

ප්‍රදේශවාසීන් චෝදනා කළේ ගේට්ටු මුරකරු අනතුර සිදුවන අවස්ථාවේ දුම්රිය හරස් මාර්ගයේ සිට නොමැති බවටයි.

කෙසේ වෙතත් මේ සම්බන්දයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.