බලංගොඩ ප්‍රදේශයේ 17 හැවිරිදි පාසල් සිසුවියන් තිදෙනෙකු අතුරුදන්
Sri Lanka Police
Missing Persons
Latest Headlines
Sinhala news
SriLanka - Puwath
By R.rishma
බලංගොඩ, පින්නවල - එල්ලාරාව ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි පාසල් සිසුවියන් තිදෙනෙකු අතුරුදන්ව ඇති බවට බලංගොඩ පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී තිබේ.
අතුරුදන්ව ඇත්තේ බලංගොඩ ප්‍රදේශයේ ප්‍රමුඛ පෙළේ පාසලක අධ්‍යාපනය ලබන සිසුවියන් තිදෙනෙකි.
ඔවුන් ඊයේ (31) උපකාරක පන්තියකට සහභාගී වීම සඳහා නිවෙස්වලින් පිටත්ව ගොස් ඇති අතර, පසුව යළි නිවෙස් වෙත පැමිණ නොමැති බවට දෙමාපියන් පොලිසියට දැනුම් දී ඇත.
අතුරුදන් වූ සිසුවියන් සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් දන්නේ නම් වහාම බලංගොඩ පොලිසියට හෝ ඔවුන්ගේ දෙමාපියන්ට දැනුම් දෙන ලෙස පොලිසිය සහ දෙමාපියන් මහජනතාවගෙන් ඉල්ලා සිටී.
බලංගොඩ පොලිස් ස්ථානය: 045-2287222
දෙමාපියන්: 076-7070913 / 077-1658788
සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.