පරිස්සමෙන් පාසලේ සිටි දරුවා රෝහල් ගත කළ බව පවසා මව්පියන්ගෙන් මුදල් ඉල්ලන ජාවාරමක් රට පුරා...
පාසලේ සිටි දරුවා හදිසියේ රෝහල් ගත කළ බවත් හදිසි සැත්කමක් සදහා මුදල් අවශ්‍ය බවත් පවසමින් විශ්‍යාලයේ ගුරුවරුන් ලෙස පෙනී සිටිමින් දුරකථන ඇමතුම් ලබාදී මුදල් ඉල්ලීමේ ජාවාරමක් සහ නිවෙස් බිද සොරකම් කිරීමේ කල්ලියක් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
දිවයිනේ ප්‍රදේශ ගණනාවකින්ම මෙම සිදුවීම වාර්තා වී ඇති අතර කුරුණෑගල ප්‍රධාන පාසල් ගණනාවකින්ම මෙම සිදුවීම වාර්තා වී තිබෙන බවයි වාර්තා වන්නේ.
කොළඹ නගරයේ පාසලක දරුවෙකුගේ පියෙකුට පාසලේ නියෝජය විදුහල්පතිවරයා ලෙස පවසමින් දරුවා රෝහල් ගතකළ බවත් හදිසි සැත්කමක් සදහා මුදල් අවශ්‍ය බවත් පවසා තිබෙනවා.
ඔහු නීතිඥයෙකු වන අතර පාසලට ඇමතුමක් ලබා ගෙන විමසා ඇති අතර මෙය අසත්‍ය බව තහවුරු වී තිබෙනවා.
ඒ අනුව ඔහු ඒ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කර තිබෙනවා.
මෙලෙසම පාසල් කිහිපයකම සිදවීම් ගණනාවක් වාර්තා වී තිබෙනවා.