Meta සමාගම හදුන්වාදුන් අලුත්ම Threads යෙදවුමෙන් ගිනස් වාර්තාවක්

Meta Threads
By Sithumi Jul 07, 2023 03:12 PM GMT
Report

අමෙරිකානු YouTuber “MrBeast” මෙටා සමාගම විසින් අලුතින් හඳුන්වා දුන් Threads යෙදවුමේ පරිශීලකයින් මිලියනයක් ඉක්මවා ගිය පළමු පුද්ගලයා බවට පත් වෙමින් ගිනස් වාර්තාවක් බිඳ දැමීමට සමත් වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඒ අනුව ඔහුගේ Threads ගිණුම සඳහා මිලියන 3ක පමණ පිරිසක් එක්ව ඇති අතර එම සංඛ්‍යාව තවදුරටත් වර්ධනය වෙමින් පවතින බවයි.

Threads යෙදවුම සඳහා මේ වන විට මිලියන 30කට අධික පිරිසක් ලියාපදිංචි වී තිබෙනවා.

නමුත් Twitter හිමිකරු Elon Musk ප්‍රකාශ කර ඇත්තේ Threads යෙදවුම Twitter හි “බුද්ධිමය දේපල අයිතිවාසිකම්” උල්ලංඝනය කිරීමක් බවයි