දහස් ගණනක් ඊශ්‍රායල වැසියෝ වීථි බසී.

Israel Israel-Hamas War
By Gagana Apr 07, 2024 04:33 AM GMT
Gagana

Gagana

in ලෝකය
Report

ඊශ්‍රායාලයේ ටෙල්අවිවු ඇතුළු ප්‍රදේශ රැසක දහස් ගණනක් ජනතාව විරෝධතාවයේ නිරත වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ජනතාව මෙලෙස වීථි බස ඇත්තේ ,ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට විරෝධය දක්වමිනි.

ඊට හේතුව ලෙස මාධ්‍ය වාර්තා කරන්නේ හමාස් සංවිධානය ප්‍රාණ ඇපයට ගෙන ගාසා තීරයට රැගෙන ගිය පිරිස් මාස 06ක් ගත වුව ද තවමත් නිදහස් කර ගැනීමට කටයුතු නොකළ බවයි.

මෙලෙස ප්‍රාණ ඇපකරුවන්ගේ පවුල් හා ආණ්ඩු විරෝධී පාර්ශව විසින් විරෝධතා ආරම්භ කරනු ලැබුවේ එලාඩ් කාට්සියර් නමැති ප්‍රාණ ඇපකරුවෙකුගේ සිරුර ගාසා තිරයේ දී ඊශ්‍රායල හමුදාව විසින් සොයා ගැනීමත් සමඟයි.